බසයට නගිමින් සිටි ගුරුවරියගේ මාලය කැඩූ කපල් එකට වූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

බසයට නගිමින් සිටි ගුරුවරියගේ මාලය කැඩූ කපල් එකට වූදේ

බසයට නගිමින් සිටි ගුරුවරියගේ මාලය කැඩූ කපල් එකට වූදේ

තණමල්විල පොලිස් වසමට අයත් බෝදාගම ප්‍රදේශයේදී ඉකුත් (11) වෙනිදා බස් රථයට ගොඩවෙමින් සිටි වන ගල විදුහලේ ක්‍රීඩා භාර ගුරුවරියගේ ගෙල බැඳි පෙන්ඩනය සහිත රන්මාලය කඩාගත් තරුණ යුවළක් ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී ඇත.

 

තණමල්විල බෝදාගම 2 කණුව අසල පදිංචි 39 හැවිරිදි පාසල් ගුරුවරියක් අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීම සඳහා බසයක් එනතුරු 2 කණුව අසල වෙළෙඳ සලක් ඉදිරිපිට රැඳී සිට ඇත.

 

ඒ අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි තරුණ යුවළගෙන් තරුණිය වෙළෙඳ සලට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ගුරුවරිය බසයට ගොඩවීම සඳහා යමින් සිටියදී එකවරම තරුණිය විසින් ඇයගේ ගෙළ බැඳි පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන යතුරුපැදියට නැගීමට දිවගොස් ඇත.

 


ගුරුවරිය කෑගසාගෙන ඇය පසුපස දිවගොස් ඇගේ එල්ලී ඇත.ගුරුවරියගේ කෑගැසීමේ ශබ්දයට වෙළෙඳ සල් හිමිකරු සහ අවට තවත් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ ඔවුන් දෙදෙනා අල්ලා ගැනීමේදී යතුරුපැදි සමඟ පෙරළී ඇත.බිමවැටුණු ඔවුන් දෙදෙනාට පැනයාමට ඉඩනොදී ඔවුන් භාරයටගෙන ඇත.

 

ඒ පිළිබඳව තණමල්විල පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමකින් දැනුම්දීමෙන් පසු උප පොලිස් පරීක්ෂක අමරසිරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තරුණ යුවළ ඔවුන් භාරයට ගෙන පරීක්ෂාකිරීමේදී තරුණියගේ ඩෙනිම් කලිසමේ සාක්කුවේ තිබූ කොක්ක කැඩීගිය පෙන්ඩනය සහිත රන්මාලය සොයාගෙන ඇත.

 

එම රන්මාලයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ අනූදහසක් පමණ වේ.සැකකාර යුවළ සහ නඩුභාණ්ඩ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

views

385 Views

Comments

arrow-up