“මම උයන්න ආස වුණාට අස් කරන්න කම්මැලියි, ඒක විවේචනය වුණු තැන් තිබුණා” - මාධවී වත්සලා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

“මම උයන්න ආස වුණාට අස් කරන්න කම්මැලියි, ඒක විවේචනය වුණු තැන් තිබුණා” - මාධවී වත්සලා

“මම උයන්න ආස වුණාට අස් කරන්න කම්මැලියි, ඒක විවේචනය වුණු තැන් තිබුණා” - මාධවී වත්සලා

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය මාධවී වත්සලාගේ සහ තරුණ නිර්මාණකරුවෙක් වන කසුන් මහේන්ද්‍රගේ ආදරණීය කතාව දැන් නොදන්නා කෙනෙකු නොමැති තරම්. ලෝකයෙන් ම වසං වෙලා තිබුණා වුණත්, අවසානයේ ඔවුන් දෙදෙනා විසින්ම මේ කතාව මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා.

 

මීට ඉහත මාධවීගේ දික්කසාදය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූ අතර, මාධවී ඇගේ දික්කසාදය ගැන පවා මාධ්‍යයට කිව්වේ බොහෝම ප්‍රමාද වෙලා. පසුගිය දවසක මාධවී සහ කසුන් යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් දැක් වූ අදහස් තමයි මේ.


“මෙයාට (කසුන්ට) මෙයාගේ අක්කව දැනෙනවා වගේ නෙවේ මගේ මල්ලිලාට මාව දැනෙන්නෙ. කොල්ලො වගේ හැදුනේ. මාත් ඇන්ඳේ මල්ලිලාගේ ඇඳුම්මයි. මායි සජිතයි අකිලයි අතර ලොකු වයස් පරතරයකුත් නෑනේ. මම ටිකක් තනියම හැමදේම කරගන්න කෙනෙක්. මම නිර්මාණශිලීයි ඒ දවස් වල ඉඳන්.” “අම්මගෙන් ඇහුවොත් සංවේදියි කියලා කියයි. අප්පච්චිගේ ජීවිතේ පළවෙනිට ආදරේ ලැබුණේ අම්මාගෙන් නම් දෙවනියට හම්බුණේ මගෙන් කියලා මම හිතන්නෙ’ මට කසුන් මුණ ගැහුණම තේරුණා කාලා නිර්මාණයක් තුළ වුණත් ප්‍රමිතියක් තියෙන්න ඕනේ කියලා.”


“මම කසුන්ගේ කැමතිම දේ එයා දැඩි කෙනෙක්. මෙයාගෙත් ලොකුකම තියනවා. හැබැයි මම එක්ක ලොකුකම් දාන්න එන්නෙ නෑ. මම උයන්න ආස වුණාට අස් කරන්න කම්මැලි. ඒක විවේචනය වුණු තැන් තිබුණා. මම හිතන් නෑ ඒක මහ ලොකු වරදක් කියලා. මම හොඳට අස් කරලා පෙනිලත් තව කෙනෙක් කියනවා මේක හැඩිවෙලානේ කියල’ කසුන්ගෙ එක දෙයක් තියනවා එයා මට උදව් වෙනවා ඒ අස් පස් කරන වැඩේට. සමහර වෙලාවට එයා තනියම අස් කරනවා”

views

209 Views

Comments

arrow-up