දැරියව රුවටා රැගෙන ගිය නරුමයා දැරියගේ ඇඩිල්ලෙන් මෙල්ල වූ හැටි - අවසානයේ වෙච්චදේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

දැරියව රුවටා රැගෙන ගිය නරුමයා දැරියගේ ඇඩිල්ලෙන් මෙල්ල වූ හැටි - අවසානයේ වෙච්චදේ

දැරියව රුවටා රැගෙන ගිය නරුමයා දැරියගේ ඇඩිල්ලෙන් මෙල්ල වූ හැටි - අවසානයේ වෙච්චදේ

දහවන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14 මාස 09 වයසැති දැරියක් පෞද්ගලික නිවාඩු නිකේතනයකට රැගෙනගොස් අතවරකිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

 

දුරකථනයකින් හඳුනාගත් දැරියගේ පෙම්වතා ඇයට මොනරාගල නගරයට පැමිණෙන ලෙස දැනුම්දී ඇත. ඒ අනුව උපකාරක පන්තියකට යන බව පවසමින් 2023 පෙබරවාරි මස 26 වෙනි දින නිවසෙන් පිටවගොස් තරුණයා හමුවී ඇත.

 

ඔහු විසින් දැරියව ත්‍රිවීල් රථයකින් මොනරාගල මහානාම පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයකට කැඳවාගෙන ගොස් ඇති අතර දැරිය උස්හඬින් හැඬීමට පටන්ගත් නිසා නැවත ඇයව මොනරාගල නගරයට ගෙනැවිත් බස්සවා ඇත.

 

සිද්ධිය පිළිබඳව දැරිය ඇයගේ මවට පැවසීමෙන් පසුව මොනරාගල පොලිසියට පැමිණිලිකර ඇත. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර තිබේ.

 

මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

299 Views

Comments

arrow-up