“සාමාන්‍ය විදියට ජීවිතේ ගතවෙමින් යනවා, කසාද බැඳලා දරුමල්ලෝ හදාගෙන ජීවත්වෙන්න අදහසක් නෑ” - ජගත් මනුවර්ණ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

“සාමාන්‍ය විදියට ජීවිතේ ගතවෙමින් යනවා, කසාද බැඳලා දරුමල්ලෝ හදාගෙන ජීවත්වෙන්න අදහසක් නෑ” - ජගත් මනුවර්ණ

“සාමාන්‍ය විදියට ජීවිතේ ගතවෙමින් යනවා, කසාද බැඳලා දරුමල්ලෝ හදාගෙන ජීවත්වෙන්න අදහසක් නෑ” - ජගත් මනුවර්ණ

රංගන ශිල්පී ජගත් මනුවර්ණ කොඩිතුවක්කු සතිඅන්ත පුවත්පතක් සමග කළ සංවාදයක කොටසක් මේ සමග පළවේ. ඔහු එම සංවාදයේදී මෙසේ කියයි.

 

"සාමාන්‍ය විදියට ජීවිතේ ගතවෙමින් යනවා. හැමෝම කරන විදියට කසාද බැඳලා, දරුමල්ලෝ හදාගෙන, කුටුම්භගත ජීවිතයක් ගත කළ යුතුය කියලම හිතන කෙනෙක් නෙවෙයි මම. නිදහස්කාමී විදියට ගෙවන ජීවිතයක් තියෙන්නෙ. කලාවේ මගේ වැඩවලට ඒ නිදහස් මනස වැදගත් වෙනවා.

 

කලාව, දේශපාලනය, රඟපෑම මේ සියල්ල මගේ ජීවිතයේ කොටසක්. ඒ සියලු දේ එක්ක අරමුණු ටිකක් තියෙනවා. ඒ අරමුණු ඔස්සේ වැඩ කරනවා.
මගේ තියෙන මම අත්දකින සිදුවීම් එක්ක ඒවා සඟවාගෙන ජීවත් වෙන්න උත්සාහ ගන්නෙ නැහැ.

 

මේ එළියට පෙනෙන්නට ඉන්න මම ම තමයි මේ. ඒ දකින ස්වරූපයෙදි ප්‍රචණ්ඩයි වගේ, ආවේගශීලියි වගේ කියලා මිනිස්සු දකින්න පුළුවන්. හැබැයි ඒ ප්‍රකාශනයන්ට හේතුවූ ඔවුන් දකින දේ ඔවුන්ට වටහා ගන්න පුළුවන් නම්, ඔවුන්ට තේරේවි මාව. සමාජ අසාධාරණ යැයි හැඟෙන අවස්ථාවල දී ඒ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා.

 

අපට එල්ලවෙන පීඩාව හමුවේ පුරවැසියන් ලෙස එල්ලවන ඒ පීඩාවේ තරමට තමයි ප්‍රතිචාරය තියෙන්නේ. එහෙම ප්‍රතිචාර දැක්වූවේ නැත්නම් ඒක වෙන පැත්තකට හැරෙනවානෙ. අපි යහපත් කියලා විශ්වාස කරන ලෝකයක් තියෙනවානෙ. ඒ නිසා අයහපත් දේ අපට දෙන පීඩාවේ තරමටම පීඩාවක් අනෙක් පැත්තට දිය යුතුයි."

 

 

views

195 Views

Comments

arrow-up