බඩේ අමාරුවට රෝහලට ගිය ආබාධිත දැරිය ගැබිණියක් බව හඟවා හොරෙන් බෙහෙත් දෙන්න සල්ලි ගත් ඇටෙන්ඩන්ට් වෙච්චි දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

බඩේ අමාරුවට රෝහලට ගිය ආබාධිත දැරිය ගැබිණියක් බව හඟවා හොරෙන් බෙහෙත් දෙන්න සල්ලි ගත් ඇටෙන්ඩන්ට් වෙච්චි දේ මෙන්න

බඩේ අමාරුවට රෝහලට ගිය ආබාධිත දැරිය ගැබිණියක් බව හඟවා හොරෙන් බෙහෙත් දෙන්න සල්ලි ගත් ඇටෙන්ඩන්ට් වෙච්චි දේ මෙන්න

මන්දමානසික දැරියක් සිය මිත්තණිය විසින් බළන්ගොඩ රෝහලට කැටුව ගොස් ඇත්තේ බඩේ රුදාවක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටය.

 

එහි දී රෝහලේ සුළු සේවිකාවක් මෙම දැරිය ගැබ්ගෙන ඇති බවත් එය ඉවත් කිරීමට රහසේ බෙහෙත් ලබා දිය හැකි යැයි පවසා රුපියල් 43000 ක මුදලක් වංචා කළ රෝහල් සේවිකාව මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ මහෙස්ත්‍රාත් බී.කේ.වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය නියෝග කළාය.

 

මෙම දැරියට ලබා දුන් බෙහෙත් පෙති කිහිපයෙන් බඩේ රුදාව සුව වූ බවත් පසුව ගැබ් ගැනීමක් සිදුවී නොමැති බව දැනගත් මෙම මිත්තණිය බළන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබීය.

views

351 Views

Comments

arrow-up