“අක්කි මගේ කම්මුල් අල්ලලා අඬන්න පටන්ගත්තා” - කාටත් හොර රහසේ අසම්මත සම්බන්ධයක පැටලු‍ණු කෙල්ලෙකුගේ පිස්සු හැදෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

“අක්කි මගේ කම්මුල් අල්ලලා අඬන්න පටන්ගත්තා” - කාටත් හොර රහසේ අසම්මත සම්බන්ධයක පැටලු‍ණු කෙල්ලෙකුගේ පිස්සු හැදෙන කතාව

“අක්කි මගේ කම්මුල් අල්ලලා අඬන්න පටන්ගත්තා” - කාටත් හොර රහසේ අසම්මත සම්බන්ධයක පැටලු‍ණු කෙල්ලෙකුගේ පිස්සු හැදෙන කතාව

”‍මම මේ කතාව කියන්න ඕනි, ඇත්තටම ඒ කතාව අහන්න කවුරු හරි නැතිවුණත්, මොකද මේක කාලයක් තිස්සෙම හිතේ හිරකරන් ඉන්න දෙයක්.”‍

 

”‍මගේ ජීවිතේ මහ ලොකු ලස්සනක් තියෙනවා නෙවෙයි. ඒක අපායක්, මගේ පවුල් ජීවිතේ රහ නෑ.”‍

 

මේ තමයි ඒ කෙල්ල කියන්න පටන් ගන්න කතාව,

 

”‍මගේ හස්බන් ලොකු බිස්නස් මෑන් කෙනෙක්. ඒත් අද වෙද්දි එයාට ගොඩක් හොර ගෑනූ ඉන්නවා.
ඒකේ වරදක් කියන් නෑ මම’ මොකද ගෑනිගෙන් නොලැබෙන දේ පිරිමි හොයනවා කාගෙන් හරි.

 

”‍මට කවදාවත් මගේ පළවැනි ආදරේ අමතක කරන්න බෑ. ඒත් ඒ ආදරේ කොල්ලෙක් ගැන ඇතිවුණු එකක් නෙවෙයි. කෙල්ලෙක් ගැන ඇතිවුණු එකක්, ඒකයි ලොකුම අවුල වුණේ, හරිම අහම්බෙන් වුණ දෙයක්.”‍

 

”‍ඒ අක්කිගේ නම භාග්‍යා, අපේ නැටුම් වලින් බෙස්ට්ම හිටපු කෙනා. හැබැයි එයා ටිකක්
කොල්ලෙක් වගේ තමයි හැසිරීම අපි දෙන්නා ගොඩක් කිට්ටු වුණා’ අපි කිව්වට
එයා තමයි වැඩියෙන්ම මට ළංවුණේ. නැටුම් කරපු සෙට් එකේ ලස්සනම කෙල්ල වුණේ මම.”‍

 

”‍ස්කූල් කාලේ මම හෙන ලස්සනයි. ගොඩක් කොල්ලොත් මගේ පස්සෙන් ආවා. හැබැයි
භාග්‍යා අක්කා ගැන අමුතු හැඟීමක් මට ඇතිවුණා. මොකද එයා හරි ම වෙනස් කෙනෙක්. දවසක්
කොල්ලෙක් මට ලියුමක් දීලා පොඩි කතාබහක් ඇතිවුණා.”‍


“නැටුම් කණ්ඩායමේ උන් මට ජෝක් කර කර හිටියා ඒක අල්ලන්, හැබැයි භාග්‍යා අක්කගේ මූණ මැළවිලා. කට්ටියම යනකන් ඉදලා එයා මාව මුල්ලකට අරන් ගිහින්
හේත්තු කරලා කම්මුල් අත ගෑවා. පස්සෙ මට කිව්වා,
උඹ මගේ විතරයි කිසි කෙනෙක්ගේ වෙන්න තහනම් කියලා.”‍

 

”‍මම හිරිවැටිලා ගියා, එයාගේ ඇස්වල කඳුළු, ඇත්තටම
මට දුක හිතුණා මාර විදිහට එහෙම්මම එයා මාවඉම්බා.

 

මගේ කම්මුල් පෙරේතියක් වගේ ලෙවකන්න ගත්තා.
මම පිස්සියක් වගේ එයාට ඉඩදීලා බලන් හිටියා.”‍

 

”‍ඔය විදිහට පටන් ගත්ත කතාව ගොඩක් දුර ගියා. අන්තිමට අපි දෙන්නාට අපිව නැතුවම බැරිවුණා.”‍

 

”‍ඒත් කොහෙන්ද ඒවාට කැමැත්තක් ගෙවල්වලින්. මේ ගැන දැනගත්ත ගමන්ම තාත්ති මාව ස්කූල්
එකෙන් අයින් කළා. මම කොච්චර තේරුම් කරවන්න හැදුවත් මට භාග්‍යා අක්කව අතරින්න වුණා. ඒකට අමාරුවෙන් හිත හදාගත්තා.”‍

 

”‍හැබැයි මට වඩා ඒක අක්කට හර්ට් වුණා. එයා කාලයක් මෙහේ ඉඳලා රට ගියා.”‍

 

”‍මගේ හස්බන් මේ කතාව දන්නවා. මම එයාට කියලා තියෙන්නෙ, ජීවිතේ එහෙමයි කියලා
අපි මේ ඉන්න තැනම නැවතිලා ඉන්නවා.”‍

views

475 Views

Comments

arrow-up