“ලංකාවේ ජීවත් වෙන්නත් අමාරුයිනේ, මට ඩුබායි වැඩක් සෙට්වුනා, මං දැන් එහේ” - මේනකා මධුවන්ති (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

“ලංකාවේ ජීවත් වෙන්නත් අමාරුයිනේ, මට ඩුබායි වැඩක් සෙට්වුනා, මං දැන් එහේ” - මේනකා මධුවන්ති (PHOTOS)

“ලංකාවේ ජීවත් වෙන්නත් අමාරුයිනේ, මට ඩුබායි වැඩක් සෙට්වුනා, මං දැන් එහේ”  - මේනකා මධුවන්ති (PHOTOS)

මීට ටික කලකට ඉහත ප්‍රකටව සිටි රංගන ශිල්පිණී මේනකා මධුවන්ති දැන් ඩුබායි රාජ්‍යෙය් පදිංචියට ගොස් එහි සැලෝන් එකක සේවය කරන්නීය. ඇය සතිඅන්ත පුවත්පතකට මෙසේ පවසා තිබුණි.



"මම ඉන්නේ දැන් ඩුබායිවල. මම මුලින්ම මෙහේ එන්නේ ඩිප්ලෝමා එකක් කරන්න. ඊට පස්සේ මට හොඳ ඔෆර් එකක් ලැබුණා. ඊට පස්සේ මට හිතුණා ලංකාවට යනවට වඩා මෙහෙ නතර වෙලා ඒක කරන එක හොඳයි කියලා . මෙහේ තියෙන සැලෝන් දෙකක මම කළමනාකාරිනියක් විදියට වැඩ කරනවා. වැඩ කටයුතු සතුටින් කරගෙන දවස ගෙවනවා. දැන් ඇත්තටම ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි. තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක.

 


ලංකාවේ බොහෝ දෙනෙක් මම ඉන්න සැලෝන් එකටත් එනවා ජොබ් හොයාගෙන. මට පුළුවන් විදිහට මම උදව් කරනවා.

 

සමහර අය ට්‍රීට්මන්ට් කරන්න එනවා. ඔය දෙගොල්ලන්ම මම නිළියක් කියලා අඳුරගෙන තියෙනවා. කතාබහ කරලා තියෙනවා සමහර අයට නමින් මතක නෑ රූපේ මතකයි. එහෙම ප්‍රතිචාර ලැබිම සතුටක්. මොකද මම ඉන්නේ වෙනම රටක. ඒ නිසා ඒ ප්‍රතිචාර හරියට හිතට දැනෙනවා.



ඔව්. මට ප්‍රේම සම්බන්ධතාවක් තිබ්බා අවුරුදු හතරක. එයා කැමති වුණේ නැහැ මම රඟපානවට. ඒ නිසා මම රංගනයෙන් ඉවත් වුණා. ඒ ආදරේට ගරු කිරිමක් විදිහට. ඒක බොරුවක් නෙමෙයි ඒ කතාව ඇත්ත. එයාගේ කැමැත්තට තමයි අයින් වුණේ.

 


නමුත් එයා අහිමි වුණාට පස්සේ මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. දැන් තමයි මම සතුටින් ජීවත් වෙන්නේ. මම ඒ කාලේ ලොකු මානසික පීඩනයකින් හිටියේ නමුත් මම දැන් සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා එක වෙලාවකට හිතෙනවා තනිකම හොඳයි කියලා.



මම නිර්මාණයකට අන්තිමට සම්බන්ධ වුණේ අවුරුදු තුනකට විතර කලින්. ඒ සිවගුරුනාදන් මහත්මයාගේ. ජනප්‍රියම ටෙලි නාට්‍යයකට මීට අවුරුදු දෙකකට කලින් මට ආරාධනාවක් ලැබුණා. ඒක දැන් අතිශය ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වෙලා. නමුත් මම ඒකට සම්බන්ධ වුණේ නැහැ.

 

ඒ වෙනකොට මම තීරණයකට ඇවිල්ල හිටියෙ මේ කාලෙ වෙනකොට මම රංගනයෙන් ඈත් වෙනවා කියලා. ඒ ප්‍රතිපත්තියේම තමයි මම හිටියේ. ඒ නිසා තමයි ආයෙමත් මම රංගනයට සම්බන්ධ වුණේ නැත්තෙ. ලංකාවට ගිය කාලයක හිතුණොත් ආයෙත් රඟපාන්න ඉඩ තියෙනවා"

 

views

229 Views

Comments

arrow-up