අම්මයි, තාත්තයි වැඩි ආරක්ෂාවට දුවව අත්තම්මට භාරදිලා - දුව අත්තම්මාගේ ඇස්වහලා පෙම්වතා එක්ක කරපු සෙල්ලම් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

අම්මයි, තාත්තයි වැඩි ආරක්ෂාවට දුවව අත්තම්මට භාරදිලා - දුව අත්තම්මාගේ ඇස්වහලා පෙම්වතා එක්ක කරපු සෙල්ලම් එළියට

අම්මයි, තාත්තයි වැඩි ආරක්ෂාවට දුවව අත්තම්මට භාරදිලා - දුව අත්තම්මාගේ ඇස්වහලා පෙම්වතා එක්ක කරපු සෙල්ලම් එළියට

වැඩි ආරක්ෂාව පතා මිත්තණියගේ නි‍වෙසේ නතර කර සිටිය දී මිත්තණිය තද නින්දට වැටුණු අවස්ථාවේදී පෙම්වතා සමඟ අඹුසැමියන් ලෙස දින ගණනාවක් කල්ගත කිරීම පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ දුෂ්කරතා ඇති ගමකින් වාර්තා වෙනවා.

 

කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ නිවෙසක මවුපියන් සමඟ 21 හැවිරිදි තරුණියක් පදිංචිව සිටිනවා.

 

මෙම තරුණියගේ පියා ආරක්ෂක අංශයේ රැකියාවක් කරන අතර මධ්‍යම පළාතේ සේවය කරනවා.

 

මව තරුණිය සමඟ නි‍වෙසේ පදිංචිව සිටිනවා.

 

මාස දෙකකට පමණ වතාවක් නි‍වෙසට පැමිණෙන තරුණියගේ පියා තම එකම රුවැති දියණිය කාලයක සිට හඳුනන තමන් සමඟ සේවය කරන හිතවතෙකුගේ විදේශ රටක ස්ථීර පදිංචිව සිටින තරුණයෙකුට විවාහ කර දීමට බලාපොරොත්තුවෙන් සිට තිබුණා.

 

දෙපාර්ශ්වයේම මවුපියෝ පසුව දරුවන් දෙදෙනාගේ හඳහන් පත් ජ්‍යෝතීර්වේදියෙකු වෙත කලකට ඉහතදී ලබා දී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාගේ වේලාවල් ද ඉතා ඉහළින් ගැලපී තිබෙනවා.

 

තරුණිය මාස ගණනාවක සිට සිය මවට හොර රහසේ අල්ලපු ගමේ පදිංචිව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තරුණයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව දිනක් අසල්වැසි කාන්තාවක් දැක තරුණියගේ මවට ප්‍රකාශ කර තිබෙනවා.


පසුව තරුණියගේ මව සිය සැමියාට ද සිද්ධිය සම්බන්ධයෙන් දන්වා දියණිය ආරක්ෂා කර ගත යුතුව ඇතැයි පවසා කෑගල්ලේ තනිවම පදිංචිව සිටින තම මවගේ නි‍වෙසේ මීට මාස හතරකට පමණ ඉහතදී තරුණිය නතර කර තිබෙනවා.


දින කිහිපයක් තරුණිය මිත්තණියගේ නි‍වෙසේ කාමරයක කල් ගෙවමින් සිටින අවස්ථාවේ දී මිනිබිරිය තරුණයා සමඟ දුරකතනයෙන් නිතර නිතර දොඩමළු වෙන අයුරු මිත්තණිය සියැසින් දැක තිබුණා.


මිත්තනිය රාත්‍රියේ නින්දට ගිය අවස්ථාවේදි ගෙට ඇතුළු කරගන්නා පෙම්වතා සමග රිසිසේ අඹුසැමියන් ලෙස යහන්ගත වෙයි’ මේ ආකාරයෙන් දින ගණනාවක් ගත වෙද්දි දිනක් මිත්තණිය වැසිකිලි යාමේ අවශ්‍යතාවය මත නින්දෙන් අවදි වී බලන විට තරුණියන් කෙදිරි ගසන ශබ්දය ඇසී තිබුණා.


මිනිබිරිය හීනයක් දැක නින්දෙන් කෙදිරිගාන බව සිතා මිත්තණිය කාමරයට ඇතුළු වී බලන විට ඇගේ කිසිදු නූල් පොටක් නැතිව සිටිය මිනිබිරිය සහ තරුණයෙක් දැක කෑ ගසා තිබුණා.

 

ඒ මොහොතේම තරුණයා නිවසෙන් පලාගියේ තරුණිය ද ඇදගෙනයි.

 

අනතුරුව මිත්තනිය රඹුක්කන පදිංචිව සිටින දියණියට කතා කොට සිදුවීම පවසා තිබෙනවා.

 

පසුව තරුණිය එළිය වැටෙමින් පවතින අවස්ථාවේදී මවගේ දුරකතනයට ඇමතුමක් ගෙන කියා ඇත්තේ කිරි අම්මාට නොදන්වා තමන් පෙම්වතා සමඟ ගිය බවත් සොයන්න එපා කරදරයක් නැතිව සිටින බවයි.

views

231 Views

Comments

arrow-up