විවාහය සාර්ථක කරගන්න දේවාලෙට ආ තරුණියට කපුවා කළ වැඩේ - පූජාවට බිත්තරයක් ගේන්න බිරිඳවත් එළියට යවලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

විවාහය සාර්ථක කරගන්න දේවාලෙට ආ තරුණියට කපුවා කළ වැඩේ - පූජාවට බිත්තරයක් ගේන්න බිරිඳවත් එළියට යවලා

විවාහය සාර්ථක කරගන්න දේවාලෙට ආ තරුණියට කපුවා කළ වැඩේ - පූජාවට බිත්තරයක් ගේන්න බිරිඳවත් එළියට යවලා

විවාහය සාර්ථක කර ගැනීමට දේව කන්නලව්වක් කරගැනීමට දේවාලයට පැමිණි තරුණිය දූෂණය කිරීමේ චෝදනාවට වැදකරුවු පූජකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

 

වසර 10කට පෙර විත්තිකරු මෙම අපරාධය කරන අයුරූ ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් සිය නීත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාරකමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බවට පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔහුට අදාළ දඬුවම නියම කළේය.


 

චෝදනාවන්ටට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය සනූන් බදුර් මොහොමඩ් නමැති කපුවෙකුටය.


2012 ජූනි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඇගේ කැමැත්තකින් තොරව තරුණීයක දුෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.


මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී දුෂණයට ලක් වු තරුණීය ඇගේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර පුජාවක් පැවැත්වවීමට ඇගේ පෙම්වතාද සමඟ විත්තිකරු පවත්වාගෙන ගිය දේවාලයට ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී විත්තිකරු පෙම්වතා දේවාලයෙන් බැහැරට යවා ඇති බවත් හෙළි විය.


පසුව නිවසේ සිටි විත්තිකරුගේ බිරිඳට කතා කොට පූජාවට බිත්තරයක් අවශ්‍ය බව පවසා ඇයද නිවසින් පිටතට යැවීමෙන් අනතුරුව දේවාලයේ දොර වසා පුජාව කර ගැනීමට පැමිණී තරුණීය දූෂණය කර ඇති බව නඩු විභාගයේදී හෙළි විය.


සිද්ධිය ඇසින් දුටු කිසිවෙකු නොමැති බව විත්තියෙන් තර්ක කළ අතර දූෂණය කළ බවට ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් තරුණීයගේ ඇගේ තිබී සොයාගත් සාම්පල සමඟ විත්තිකරුගේ ඩී එන් ඒ සාම්පල සැසf​ඳන බවට පැමිණිල්ල මගින් සනාථ කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා සිය නීත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාරකමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බව අවධාරණය කළේය.


විවාහය සාර්ථක කරගැනීම සඳහා විත්තිකරුගේ දේවාලයට ගිය තරුණීය විත්තිකරු විසින් දූෂණය කර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු කරමින් විත්තිකරුට වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.


සිර දඬුවමට අමතරව රුපියල් 10000/-ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවුවහොත් අමතර මාස 06ක සිරදඬුවමකට ඔහු යටත් කළේය.

views

251 Views

Comments

arrow-up