ගුටි කන්න බයේ ඇඳ යටට රිංගූ දෙදරු මවව කකුල් දෙකෙන් ඇද උස්සා පොළොවේ ගසා මැරූ පාපතරයෝ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ගුටි කන්න බයේ ඇඳ යටට රිංගූ දෙදරු මවව කකුල් දෙකෙන් ඇද උස්සා පොළොවේ ගසා මැරූ පාපතරයෝ

ගුටි කන්න බයේ ඇඳ යටට රිංගූ දෙදරු මවව කකුල් දෙකෙන් ඇද උස්සා පොළොවේ ගසා මැරූ පාපතරයෝ

පහරකෑමට බියවී ඇඳක් යට සැඟව සිටි දෙදරු මවකට කකුල් දෙකෙන් ඇද අතින් පයින් පහරදී උස්සා පොලොවේ ගසා ඝාතනය කර තිබේ.

 

මේ සම්බන්ධයෙන් සැකකරුවන් සොයා පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

පයාගල, සේවියර්පියගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. එස්. ප්‍රියානි නමැති කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන් වේ.

 

මියගිය කාන්තාවගේ දියණියක් ඇයගේ ස්වාමී පුරුෂයා සමග ඇති කරගත් ආරවුලක් නිසා දියණියව සහ ඇයගේ දරු දෙදෙනාව සිය නිවසට ගෙන්වා ගෙන ඇති බවත්, එයට උරණවූ බෑණා ඉකුත් 5 දා රාත්‍රි තවත් පිරිසක් සමග නිවසට පැමිණ කතාබහක් ඇති කරගෙන ඇති බවත් පොලිසිය පවසයි.

 

පිරිස නිවසට පැමිණෙන විට මියගොස් ඇති කාන්තාව ඔවුන්ට බියෙන් අසළ නිවසකට ගොස් ඇඳක් යට සැඟව ඇති බවත්, එහි පැමිණ පුද්ගලයකු ආච්චි අම්මාව කකුල් දෙකින් ඇද එළියට ගෙන උස්සා පොළොවේ ගැසූ බවට 5 හැවිරිදි මිණිබිරියක ප්‍රකාශ කර ඇතැයිද මියගිය කාන්තාවගේ ඥාතියකු පැවසීය.

 

පහරකෑමට ලක්ව සිටි කාන්තාව ත්‍රිරෝද රථයක නංවා කළුතර ශික්ෂණ රෝහලට යොමුකර ඇති බවත්, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (14) අලුයම මියගොස් ඇති බවත් සඳහන් වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාව රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.

 

පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

293 Views

Comments

arrow-up