පෞද්ගලික කෝන්තරයකින් පළිගැනීමට පිහියකින් වෘෂණ කෝෂ කපලා - තුවාලකරු රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

පෞද්ගලික කෝන්තරයකින් පළිගැනීමට පිහියකින් වෘෂණ කෝෂ කපලා - තුවාලකරු රෝහලේ

පෞද්ගලික කෝන්තරයකින් පළිගැනීමට පිහියකින් වෘෂණ කෝෂ කපලා - තුවාලකරු රෝහලේ

සූරියගොල්ල ගම්මානයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුට තියුණූ ආයුධයකින් රහස් ප්‍රදේශයට කල පහරදිමක් නිසා වෘෂණ කෝෂය කැපීමෙන් තුවාල ලබා රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

 

පෞද්ගලික කෝන්තරයක් සහ ඉඩම් ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවත් කිසියම් කටයුත්තක් සඳහා තම වත්තට ගොස් ආපසු එමින් සිටියදී රාත්‍රී මග රැක සිටි පුද්ගලයෙකු සරම ගලවා අතෙහි වූ පිහියකින් වෘෂණ කෝෂය කපා තුවාල සිදුකල බව තුවාලකරු ප්‍රකාශ කර තිබේ. තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර ඇත.

views

420 Views

Comments

arrow-up