“මගෙ තාත්ති මාව විකිණුවා, ඒ අංකල් මාව ගත්තෙ ලක්ෂ 4කට” - සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ දියණිය හෙළිකල ආන්දෝලනාත්මක හෙළිදරව්ව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

“මගෙ තාත්ති මාව විකිණුවා, ඒ අංකල් මාව ගත්තෙ ලක්ෂ 4කට” - සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ දියණිය හෙළිකල ආන්දෝලනාත්මක හෙළිදරව්ව

“මගෙ තාත්ති මාව විකිණුවා, ඒ අංකල් මාව ගත්තෙ ලක්ෂ 4කට” - සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ දියණිය හෙළිකල ආන්දෝලනාත්මක හෙළිදරව්ව

සමහර වෙලාවට මිනිස්සු හිතනවා, මේ ලෝකේ හැමදේම තීරණය කරන්නෙ සල්ලි කොළ කියලා. සල්ලි තියෙනවා නම් හැමදේම හරි කියලා. හැමදේම ලැබෙනවා කියලා, නමුත් ඒක ඇත්ත නෙවෙයි.


සල්ලි කොළවල නිදා වැටෙන ගොඩක් මිනිස්සු ජීවිතේ විඳවනවා. කොයි තරම් සැප පහසු ජීවිතයක් ලෝකෙට පෙන්නුවත් ඒ සමහරක් ජීවිත ඇත්තටම ලස්සන නැහැ. නැත්තම් එයාලා ඒ මවාපෑමක් කරන්නෙ.

 

මේ කෙල්ලව අපිට හම්බුණේ මතට ඇබ්බැහි වෙලා අන්ත අසරණ වෙලා ඉන්න මොහොතක.

 

ඒ කෙල්ලගේ කතාව ඔයාලට විශ්වාස කරන්න අමාරු විදිහේ එකක්.

 

”‍තාත්ති මට මාර ආදරෙයි එයා ඉඩම් සේල් කළේ, සල්ලි තොගයක් හම්බ කළා. මට විතරක් වෙනම ලක්ෂයක් දෙනවා එයා මාසෙකට,  තාත්ති ආදරේ වුණාට අම්මි නම් සැරයි,  එයා බයවුණා මම නරක කෙල්ලෙක් වෙයි කියලා.


එයාගේ අනාවැකිය නම් පස්සෙ හරි ගියා. අම්මි එකාපාරම අපිව අතෑරලා ගියා.”‍

 

”‍මම ඇත්තටම එදා ඉඳන් අම්මට වෛර කළා’ මම හිතුවේ ඒක අම්මගේ වරදක් නිසා වුණ දෙයක් කියලා, මොකද තාත්තිත් මට කිව්වේ වෙන මිනිහෙක් එක්ක අහුවෙලා අම්මිව එළවුවා කියලයි. එදා ඉදන් මට අම්මව පේන්න බෑ, මාර විදිහට මම අම්මට වෛර කළා.”‍


”‍ඒත් ඒ හැමදේම වෙනස් වුණා, තාත්තිගේ ඇත්ත ස්වරූපය එළියට එන්න කල් ගතවුණා. තාත්ති දවසක් අංකල් කෙනෙක්ට මාව අඳුන්නලා දුන්නා. ඒ අංකල් නිතරම ගෙදර එන්න යන්න ගත්තා. 

 

පස්සෙ එයා එක්ක ඩ්‍රග්ස් ගන්න පුරුදු වුණා මං, මම දන්නෙත් නැතුව මම එයාට ළංවුණා. දවසක් එයා මට කරන්න පුලු‍වන් දේවල් ඔක්කොම කරලා. ඒ වෙලාවේ මට සිහියක් තිබිලා නෑ හරියට”‍

 

”‍පස්සෙ තමා මම දන්නෙ මගේ තාත්ති හැමෝටම ණයවෙලා, එයා ගේ පවා උකස් කරලා, මාව අර අංකල්ට දීලා නෙවෙයි, විකුණලා, එයාගෙන් මුලින් ලක්ෂ 4ක් අරන්, පස්සෙ කෙළින්ම කෝටි ගණන්, ඒ අංකල් මගේ කට වැහුවේ ෆොටෝ ලීක් කරනවා කියලා.


තාත්තිට මේ මුකුත් ගාණක් වුණේ නෑ, මම ඇඬුවා හැපුණා. ඒත් තාත්ති කිව්වා එයාට කරන්න දෙයක් නෑ, එයා අසරණයි කිව්වා.”‍

 

”‍අන්තිමට මම ගණිකාවක් වුණා, මම ලස්සන නිසා තාත්ති මාව විකිණුවා එක එක මිනිහලාට, මම ආසාවෙන් ගිය ගමනක් නෙවෙයි. 

 

ඒත් තාත්ති ඇඩුවා මේක නොකළොත් අපි දෙන්නටම පාරට බහින්න වෙනවා කියලා, අනික මම ඩ්‍රග්ස් වලට හැබිට් නිසා එයා ඒවට සල්ලි දෙනවා.”‍

 

”‍කොහොම හරි අන්තිමට මට වෙච්ච දේ අම්මි දැනගෙන මාව හොයන් ඇවිත් තියෙනවා, මේක පොලිස් කේස් එකක් දක්වා ගියේ නෑ තාත්ති ලොකු සල්ලිකාරයෙක් නිසා ශේප්මන්ට් ගැහුවා, අම්මි මාව අරන් ගියා. 

 

එයා තමයි මාව මේ තත්ත්වයට වෙනකන් අරන් ආවේ, අද වෙනකන් තාත්ති මාව බලන්න ආවේ නෑ.”‍

 

”‍එයා මට කරපු වරදේ බරපතළකම මට තේරෙද්දි මම පරක්කු වැඩී, සෙක්ස්, ඩ්‍රග්ස් ජීවිතේම කියලයි මම හිතන් හිටියේ. එයා මගේ ඇඟට අත තිබ්බෙ නැතුවට මාව අනිත් අයට විකුණුවේ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බෑ.”‍

 

”‍මම එයාට තාත්තෙක් කියලත් කියන්න කැමති නෑ.”‍

views

647 Views

Comments

arrow-up