“මට ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මං මැරෙනවා”යි කී තරුණයා නොඑන ගමන් ගිය හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

“මට ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මං මැරෙනවා”යි කී තරුණයා නොඑන ගමන් ගිය හැටි

“මට ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මං මැරෙනවා”යි කී තරුණයා නොඑන ගමන් ගිය හැටි

“පුතේ සල්ලි නැහැ, ශ්‍රී පාදයේ යන්න එපා” යැයි මවුපියන් කියද්දී, “මට ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මම මැරෙනවා” කියා ශ්‍රී පාද වන්දනාවේ ගිය 17 හැවිරිදි අයෙක් ආපසු එද්දී පල්ලෙබැද්ද ප්‍රදේශයේදී වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇත.


මියගොස් ඇත්තේ බෙරලපනාතර, කැකුන්දෙණිය, උඩුහුපිටිය පදිංචි බෙරලපනාතර මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ජී. එච්. තුෂාන් තරින්දක නමැති පාසල් සිසුවෙකි. 

 

ඔහුගේ අවසන් කටයුතු ඉකුත් 17 දින විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවුලේ සුසාන භූමියේදී සිදු කෙරිණි.


මියගිය සිසුවා මීට පෙර අවස්ථා තුනකදී ශ්‍රී පාදයේ ගොස් ඇති බවත් හතරවැනි පාරට ගොස් එන අතරතුර මේ අවාසනාවන්ත සිද්ධිය වී ඇතැයි ඥාතීහු පවසති. 

 

රන්ත ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ නැඟණිය, පුංචි අම්මා ශ්‍රී පාදයේ යන බවත් මමත් යන්නද කියා මවුපියන්ගෙන් විමසූ විට කියා ඇත්තේ පුතේ මේ දවස්වල සල්ලි නැහැ වෙන දවසක යමු යනුවෙනි. 

 

එහෙත් සිසුවා කියා ඇත්තේ පුංචි අම්මලත් සමඟ ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මම මැරෙනවා කියාය. 


ඒ නිසාම නිවෙසේ තිබූ ගොරකා ටිකක් සහ ඉරටු විකුණා ඒ මුදල් ලබාදීමෙන් පසු පසුගිය 13 වැනිදා ඔහු රත්න ප්‍රදේශයේ පුංචි අම්මාගේ නිවෙසට ගොස් ඊට පසු දින ගමේ 75 දෙනකු පමණ බස් රථයක් කුලියට ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගොස් තිබේ.

 

ශ්‍රී පාදය වන්දනා කරගෙන පිරිස නැවැත ඇඹිලිපිටිය හරහා රන්න ප්‍රදේශයට පැමිණීම සඳහා පිටත්ව ඇත. 


ශ්‍රී පාදය වැඳගෙන එන අතරතුර පිරිසේ වැඩි පිරිසක් ගමන් විඩාව නිසාම නින්දට වැටී සිටි අතර තවත් පිරිසක් බස් රථයේ අවදියෙන් සිට තිබේ. 


බස් රථයේ වාඩිවී ගමන් කළ හැකි ප්‍රමාණයටත් වැඩියෙන් පිරිසක් බස් රථයේ ගමන් කර ඇති අතර තුෂාන් තරින්දක දරුවාත් ඒ අතර සිට ඇත.


ගමන් මහන්සියත් සමඟ අධික නිදිමත පැවැතීම හේතුවෙන් ඔහු වාඩි වීමටත් ඉඩ නොමැති නිසා රියැදුරු සිටින අසල එන්ජිම උඩ පෙට්ටිය මත ඉඳගෙන පැමිණ තිබේ’ අලු‍යම 4.30 - -5.00 අතර කාලයේ ඇඹිලිපිටිය, පල්ලෙබැද්ද, කරුවලවංගුව ප්‍රදේශයේදී බස් රථයේ රියැදුරුට නින්ද යෑම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ ඉවුරේ වැදී බසය නතරවී ඇත. 

 

බස් රථය ඉවුරේ වැදීමත් සමඟම මොහොතකට ඇස් පියවූ රියැදුරු නැවත ඇස් අරින විට සියල්ල වී අවසන්ය.


අනතුරෙන් බස් රථයට හානිවී ඇති ආකාරය රියැදුරුට පෙනුණත් බස් රථයේ ගමන් ගත් අයට අනතුරක් වී නැති බව සිතා බස් රථය නැවත මාර්ගයට ගැනීමට උත්සාහ කිරීමේදී බස් රථයේ ඉදිරිපස වාඩිවී සිටි තුෂාන් තරින්දක සිසුවා බස් රථයේ නොමැති බවට පිරිස පැවැසීමත් සමඟ සොයා බැලීමේදී බසයේ ඉදිරිපස වීදුරුව කැඩී බස් රථයට ඉදිරියෙන් තිබූ කොන්ක්‍රීට් කානුවට ඔහු වැටී සිටිනු දැක ඇත. 


තුවාල ලද සිසුවා පල්ලෙබැද්ද රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තත් තරින්දක ඒ වන විටත් මියගොස් සිට ඇත.


තරින්දකගේ පියා චමින්ද අජිත් කුමාර මහතාටත්, මව පද්මලතා මහත්මියටත් සිය එකම පිරිමි දරුවාගේ මේ අකල් මරණය දරා ගැනීමට නොහැකිව සිටිති. 

 

ඔහුට වයස අවුරුදු 11ක සහෝදරියක්ද සිටී.


ශ්‍රී පාද වන්දනාවේ යන්න දෙන්නේ නැත්නම් මැරෙනවයි කී සිසුවා ශ්‍රී පාද වන්දනාවේ ගොස් එන අතරතුර අවාසනාවන්ත ලෙස මියයෑම දරා ගැනීමට නොහැකිව මවුපියන්, සහෝදරිය, ඥාතීන්, මිතුරන් හඬා වැලපෙති. 


තුෂාන් තරින්දික සිසුවාගේ අවමංගල්‍යයට ප්‍රදේශවාසී විශාල ජන සමූහයක් සහභාගි වූහ.

views

227 Views

Comments

arrow-up