විවාහ ගිවිසගැනීම දවසේ දරුණු තීරණයක් අරන් නොඑන ගමන් ගිය පුතාට පෙම්වතිය එවපු එස්එම්එස් ටික කියවපු තාත්තා කළ දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

විවාහ ගිවිසගැනීම දවසේ දරුණු තීරණයක් අරන් නොඑන ගමන් ගිය පුතාට පෙම්වතිය එවපු එස්එම්එස් ටික කියවපු තාත්තා කළ දේ මෙන්න

විවාහ ගිවිසගැනීම දවසේ දරුණු තීරණයක් අරන් නොඑන ගමන් ගිය පුතාට පෙම්වතිය එවපු එස්එම්එස් ටික කියවපු තාත්තා කළ දේ මෙන්න

ඔහු කුරුණෑගල ගල්පොත්තවත්ත කියන ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.


හදිසියේ ම ප්‍රේම සම්බන්ධයක් නිසා මේ තරුණයා ජීවිතේට නැවතීමේ තිත තියනවා.


මේ තරුණයාගේ පියාට හම්බෙනවා ඔහුගේ පෙම්වතිය එවපු කෙටි පණිවුඩ වගයක්.

 

එතනින් පස්සෙ ඒ තාත්තා මොකද කළේ දන්නවද ?

මේ තමයි තාත්තා කියන කතාව,

 

”‍පුතා ගෑනූ ළමෙක් එක්ක මාස තුනක් විතර සම්බන්ධයක් තිබ්බා. අපි තමයි පස්සෙ පාරවල් ගානේ කතා කරන්න එපා කියලා කිව්වෙත් එහෙම කිව්වට පස්සෙ නිතර දෙවෙලේ ආවා ගියා. ඇවිල්ලා ගෙදර වැඩත් කරලා යනවා. ඔහොම මාස තුන හතරක් තිබ්බා. පුතා මූර්ති වැඩ කළේ, එක දවසක් පුතා, එයා නැතිවෙන්න කලින් දවසේ රෑ කිව්වා, මෙහෙමයි තාත්තේ හෙට යනවා බලපිටියේ පිළිමයක් හදන්න. මම සචිනිව බඳින්නද ප්‍රශ්නයක් තියනවා කියලා.”‍


”‍මම කිව්ව කමක් නෑ කරමු කියලා. උදේ අපි වැඩට යන්න ලෑස්ති වෙනකොට එයා අතේ සල්ලි නැත්තම් ළිං බැම්ම උඩ ඉඳන් ඉන්නවා. එදත් හිනාවෙලා කෑගහලා යාලු‍වන්ට කියලා තියෙනවා කල් ඇතුව එන්නම් කියලත්. පස්සෙ මමත් වැඩ නවත්තලා සල්ලි ටිකකුත් වැඩිපුර ඉල්ලන් ඇවිල්ලා කලින් ආවා.”‍


”‍ඒ එද්දි අපේ තියෙන හට් එක ඇතුළෙදි තමයි බෙල්ලෙ වැල දාගෙන තිබ්බේ, පුතා ඒ ළමයට යවපු පණිවුඩ ගොඩක් මම දැක්කා. ඒවා ටික අරන් මම සිංදු තුනක් හැදුවා. මැසේජ් වල වචන අරන් ලිව්වේ. දැනට ගීත පහක් රිලීස් කරලා තියනවා. මම කියන්නෙ දෙමව්පියෝ වුණාමත් දරුවෝ ගැන හොයන්න ඕනේ. අපිට වුණු අතපසුවීමක් නිසා අපි ඒ කෙල්ල ගැන හෙව්වේ නෑ. නමුත් එයා අපේ ගමට ඇවිත් තියෙන්නෙ වෙන අරමුණකින්. පුතා ඒක දැනගත්තමයි මේක දරාගන්න බැරි වෙලා තියෙන්නෙ.”‍

views

777 Views

Comments

arrow-up