“මගේ ජීවිතේ පිළිකුල් සහගතම දවස තමයි ඒ” - කෙල්ලෙක් මධුසමයදා මුහුණ දුන් පිළිකුල් සහගත සිදුවීම
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

“මගේ ජීවිතේ පිළිකුල් සහගතම දවස තමයි ඒ” - කෙල්ලෙක් මධුසමයදා මුහුණ දුන් පිළිකුල් සහගත සිදුවීම

“මගේ ජීවිතේ පිළිකුල් සහගතම දවස තමයි ඒ” - කෙල්ලෙක් මධුසමයදා මුහුණ දුන් පිළිකුල් සහගත සිදුවීම

අපි තාමත් එකම තැන, සංස්කෘතියක් රාමුවක් ඇතුළට වෙලා,
ජීවිතේ නන්නත්තාර වෙලා ලෝකයක් දිහා බලන්
සුසුම් හෙළනවා.


ඒත් දියුණු රටවල් එහෙම නෙවෙයි. ඒ අය
එතනින් එහා ලෝකයක් හොයාගෙන යනවා.


අපේ රටේ විතරක් නෙවෙයි, තවත් බොහෝමයක් රටවල්වල මේ ඛේදජනක සිද්ධිය සිද්ධ වෙනවා.
ඒකේ තේරුම ඒ අය තාමත් ඉන්නෙ මොකද්දෝ එකක් ඇතුලේ හිරවෙලා වෙන්න ඇති.


මේ ඇල්ල පැත්තෙ කෙල්ලෙක් මුහුණ දුන්නු අවාසනාවන්ත සිද්ධියක්.


”‍මගේ හස්බන්ව බඳිනකොටම මම කිව්වා, මම අපිරිසිදු කෙල්ලෙක් බව. මොකද මම පරණ
බෝයි අතින් අපිරිසිදු වුණා. ඒත් ඒ බෝයි මාව අතෑරියා. ඒ නිසා මම බයටම ඒ ඇත්ත කිව්වා. හස්බන්ට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ, ඒත් ප්‍රශ්නයක් වුණු අයත් හිටියා, ඒ එයාලගේ අම්මලා. තාත්තලා.”‍


”‍එදා තමයි මගේ ජීවිතේ පිළිකුල්ම සහගත දවස. එයා එක්ක හෝටල් කාමරේ තනිවෙද්දි තමයි එයා
ඒ ගැන කිව්වෙ. එයාලා අම්මලා මේ වෙනුවෙන් බලන්
ඉන්නවා කියලා. ඒ කියන්නෙ සුදු රෙද්දෙ රතු පාට
දකිනකන් එයාලා ඉන්නවා කියලා.”‍


”‍මම බයටම ගොඩක් ඇඬුවා, හිතාගන්න බැරිවුණා
මොනා කරන්නද මොනා කියන්නද කියලා.
අම්මලාට පැහැදිලි කරන්නත් බෑ, ඒත් හස්බන් මං
වෙනුවෙන් හිටියා. එදා අපි එකතුවුණෙත් නෑ.
මොකද මම ගොඩක් මෙන්ටලි වැටුණු නිසා.
කළේම හස්බන්ට තුරුල් වෙලා අඬපු එක.”‍

”‍හස්බන් තමයි මාව රැකගත්තෙ. එයා අම්මලාට
බොරුවක් කිව්වා, මගේ මාස්ශුද්ධිය ඇවිත් කියලා.
එහෙම කියලා එයා මාව ඈත ට්‍රිප් එකක් එක්කන් ගියා.
මේ ගැන අදටත් එයා කට හොල්ලලා නෑ. අඩුම
අපි රණ්ඩු වෙන වෙලාවකවත් එයා ඒ ගැන
වචනයක් කියන් නෑ.”‍

”‍ඒ නිසාමයි මම එයාට ගොඩක් ගරු කරන්නෙ,
එයා හරිම නිහතමානී හොඳ අහිංසක මනුස්සයෙක්,
අම්මලා වගේ සාම්ප්‍රදායික මනුස්සයෙක් නෙවෙයි.”‍


”‍මම අදටත් දන්නවා, එයා තරම් හොඳ පිරිමියෙක්
මට හොයාගන්න බෑ, මම එයාට පණ ඇරලම ආදරෙයි.”‍

views

287 Views

Comments

arrow-up