“ෆන් එකට ටික්ටොක් කරලා අන්තිමට නතර වුනේ චිත්‍රපට ප්‍රධාන නිළියක් වෙලා” - ෂෙරින් විල්ස් කියූ කථාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

“ෆන් එකට ටික්ටොක් කරලා අන්තිමට නතර වුනේ චිත්‍රපට ප්‍රධාන නිළියක් වෙලා” - ෂෙරින් විල්ස් කියූ කථාව (PHOTOS)

“ෆන් එකට ටික්ටොක් කරලා අන්තිමට නතර වුනේ චිත්‍රපට ප්‍රධාන නිළියක් වෙලා” - ෂෙරින් විල්ස් කියූ කථාව (PHOTOS)

මේ දිනවල  තිරගත වන ‘යාළුවෝ ද යාළුයි ද‘ සිනමා සිත්තමේ ප්‍රධාන චරිතය රඟපෑමට දායක වන නවක නිළි ෂෙරින් විල්ස්  විනෝදයට කරපු Tik Tok එකක් හින්දා තමන් පුංචි කාලයේ ඉඳලා බලාපොරොත්තු වුණු හීනයක් සැබෑ වූ බව පුවත්පතකට පවසා තිබේ.

 

නුවර ඉඳලා Tik Tok කරලා Social Media වල දාලා අන්තිමේ රිදී තිරයෙන් නතරවුණු ෂෙරින් මෙසේ කියයි.



මගේ ගම නුවර. මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි අයියයි ඉන්නේ. මට වයස 23 යි. පාසල් ගියේ නුවර ජාත්‍යන්තර පාසලකට. තාත්තා ඩුබායි හි රැකියාව කළේ. අම්මා ගෘහණියක්. ඉස්කෝලෙන් අස්වුණාට පස්සෙ මම මොඩ්ලින් කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ මම වෙළෙඳ දැන්වීම්වලට එහෙම සම්බන්ධ වුණා. මම නිදහස් නිරූපණ ශිල්පිණියක් විදිහට තමයි වැඩ කළේ. මට වැඩිපුර ආරාධනා ලැබුණේ ඉන්ස්ට්‍රර්ග්‍රෑම් එක හරහා මාව දැකලයි.


 මම ගෙදර නිකං ඉන්නකොට Tik Tok කරලා දානවා. ෆන් එකට වගේ Tik Tok කරලා දැම්මහම ‘යාළුවෝ ද යාළුයි ද. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වුණු දිල්හාරගේ බිරිඳ තමයි මුලින් දැකලා තිබුණේ. අන්තිමේ ඔහුගේ බිරිඳ තමයි ස්ටෙෆිගේ චරිතයට ආරාධනා කළේ.


ඒ දවස්වල අපිට කොවිඩ් ප්‍රශ්න නිසා මූලික තෝරාගැනීම්වලට කොළඹ එන්න වුණේ නැහැ.

 

සූම් තාක්‍ෂණය ඔස්සේ තමයි සියලු දේ කතාබහ කළේ. මම දැනගෙන හිටියෙත් නැහැ මට මේ කතා කරන්නේ ප්‍රධාන චරිතයකට කියලා.
ලංකාවේ පළමුවැනි Fashion Film එකේ ප්‍රධාන චරිතයක් කිව්වහම මම  පුදුම වුණා. මං හිතුවෙත් නැහැ මට ප්‍රධාන චරිතයක් හම්බවේවි කියලා. මම ජීවිතේට හිතුවෙ නැහැ රිදීතිරයේ රඟපාන්න පුළුවන් වේවි කියලා. අනික මට රංගනය පිළිබඳ අත්දැකීමුත් නැහැ. ඉස්කෝලෙ කාලෙවත් රඟපාල නැහැ. ඒක මට ලොකු අභියෝගයක් වුණා.

 


වෙළෙඳ දැන්වීම්වල රඟපෑවාට අපි දෙබස් ලොකුවට කියන්නෙත් නැහැනේ. නමුත් මේක ලොකු අභියෝගයක් වුණා. ඇත්තටම කැමරාව දැක්ක ගමන් පුංචි බයක් හිතට දැනුණා. අනික ගොඩක්දෙනෙක් බලාගෙන ඉන්න හින්දත් පුංචි ලැජ්ජාවක් එහෙම ආවා.



තවම Tik Tok කරනවා. මම හිතුවෙත් නැහැ Tik Tok එකකින් මූවි එකක් හම්බවේවි කියලා.

 


Tik Tok කරනවා කියලා සමහරු පල්ලෙහාට දානවනේ. මම කැමති දේ මම කරගෙන හිටියා. මාව වුණත් පල්ලෙහාට දාපු කට්ටියට දැන් හිතෙනවා ඇති ටික් ටොක් එකක් හින්දානේ මෙයාට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණේ කියලා. දැන්වත් ඒ ගැන තේරුම් අරගෙන මම හිතනවා ඉස්සරහටවත් Tik Tok කන්ඩෙම් කරන්නේ නැති වෙයි කියලා.

views

195 Views

Comments

arrow-up