“දරුවො අටදෙනෙක් ඉන්නවා සර්, නැතිබැරිකමටයි කළේ” - පිං පෙට්ටි කැඩූ අයගේ පාපොච්චාරණය

පසුගිය 9 වැනිදා රාත්‍රියේ මීගමුව පිටිපන වීදියේ ශාන්ත මරියා දේවස්ථානයට රහසේ ඇතුළුවී එෆ්. එම්. වර්ගයේ මයික්‍රෆෝන 4 ක් හා පඬුරු පෙට්ටිය කඩා මුදල් සොරාගත් බවට දුන්ගාල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර අදාළ පුද්ගලයා සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මීට පෙර පිටිපන මහ පල්ලියට දෙවතාවක් ද කුරණ ශාන්ත ආනා දේවස්ථානයට 11 වතාවක් ද, බෝලවලාන ශාන්ත මරියා දේවස්ථානයට 2 වතාවක් ද ඇතුළුවී පඬුරු පෙට්ටි කඩා මුදල් සොරාගෙන ඇති බව හෙළිවිය. තවද බෝලවලාන දේවස්ථානයෙන් රු. ලක්‍ෂ 4 ක් පමණ වටිනා ඕගනයක් ද සොරාගෙන සීදුව ප්‍රදේශයේ අයකුට රු. 30,000 කට විකුණා තිබියදී සොයාගෙන ඇත.
සැකකරු උඩුගම්පොල සාන්ත පීතර විදුහලේ මුරකරු ලෙස සේවය කරන අතර දිවා කාලයේ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරුන්ගේ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරන කටයුතුවල නියැළෙන්නෙක් ද විය. ඔහු දූවරුන් 5 දෙනකු සහ පුතුන් 3 දෙනකු වශයෙන් දරුවන් 8 දෙනකුගේ පියෙකි.
ඔවුන් තවමත් පාසල් යන වයසේ පසුවන බැවින් පවුලේ ඇතිවී ඇති ආර්ථික අපහසුතා නිසා මිනිසුන්ගේ දේවල් සොරානොගෙන දෙවියන්ගේ දේ සොරාගත් බව ප්‍රකාශ කර ඇත.
සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.
199 Views
Comments