ළඟදී විවාහ වුණු කතට මැසෙන්ජර් වලින් ආව අමුතුම ඇරයුම - ඒ අස්සේ සැමියාත් කරපු දේ

ප්‍රසිද්ධ සුවඳ විලවුන් වර්ගයක ඡායාරූපයක් සහ නමක් යොදා ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් නිර්මාණය කර, ඒ හරහා කාන්තාවකට අසභ්‍ය පණිවිඩ යොමු කරමින් එම කාන්තාවට ලිංගික අතවරයක් සිදු කළ පුද්ගලයකු හිදෝගම පොලිසිය අත්අඩංගුවට ගත් බව උතුරු මැද පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අපවත් වූ ප්‍රසිද්ධ හිමිනමකගේ රියැදුරකු ලෙස කටයුතු කර තිබූ හිදෝගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකි.
සුවඳ ආලේපන නමක් ඡායාරූපයක් භාවිත කරමින් සූක්ෂම ලෙස නිර්මාණය කර තිබීම නිසා මෙම ෆෙස්බුක් පිටුව තුළට කාන්තාවන් මිතුරන් ලෙස, සැකයකින් තොරව ඇතුළු වී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අලුතින් විවාහයට පත්ව ඇති” අදාළ පැමිණිලිකාර 27 හැවිරිදි කාන්තාවහට එම සුවඳ ආලේපන ෆෙස්බුක් ගිණුම හරහා අසභ්‍ය දේ පවසමින් පණිවිඩ ලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව, ඒ සම්බන්ධයෙන් සිය සැමියා දැනුවත් කර ඇති බවත් පසුව බිරිඳ ලෙස සැමියා පෙනී සිටිමින් පණිවිඩ ලබා තිබුණ ද සැකකරු හඳුනාගැනීමට නොහැකි වී තිබූ බව පොලිසිය කියයි.
පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ හිදෝගම පොලිසිය සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන, ඉන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී මෙම ව්‍යාජ ගිණුම් සකසා ඇත්තේ එම දුරකතනයට අදාළව යැයි, තහවුරු වූ බව පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකය පවසයි.
ඒ අනුව සැකකරු මැසෙන්ජර් යෙදවුම මාර්ගයෙන් පැමිණිලිකාර කාන්තාවට යොමු කර, පසුව මකා දමා තිබූ අසභ්‍ය පණිවිඩ සහ ඡායාරූප යළි සොයා ගත් බව ද එම ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ උතුරු මැද තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ඉලංගසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළහ.
331 Views
Comments