කුප්පි ලාම්පුව පෙරළී මිලින වූ පුංචි මල් කැකුළ

මුලතිව් පුදුකුඩිඉරප්පු තෙරවිල් ගම්මානයේ තාවකාලික නිවසක රැඳී සිටි දැරියක කුප්පි ලාම්පුවක් පෙරළී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය සඳහන් කරයි.
අදාළ නිවස තුළ අවම පහසුකම් හෝ දක්නට නොමැති අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස මාස 06 ක පමණ කුඩ දැරියකි.
කුප්පි ලාම්පුව පෙරළී ඇතිවූ ගින්නෙන් දැරිය පිලිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ධර්මපුරම් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ.
එහිදී ඇය කිලිනොච්චිය රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලටත් ඇතුළත් කොට ඇතත් එහිදී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලබය
282 Views
Comments