හිස සම්බාහනයට ආ ජපන් කතගේ අනවශ්‍ය තැනක් සම්බාහනය කල ගයිඩ්ට අවසානයේ නවතින්න වූ තැන

සංචාරයක් සඳහා මෙරටට පැමිණ අනුරාධපුර පූජා නගරයේ සඳකඩ පහණ ආසන්නයේ ඇති පාෂාණ ලෙන නැරඹීමට ගිය ජපන් ජාතික කාන්තාවක් හට, දේශීය ආයුර්වේද සම්බාහනයක් යැයි පවසා ඇගේ පපු පෙදෙසට අතවරයක් සිදු කළ සංවාරක මග පෙන්වන්නකු ලෙස පෙනී සිටි පුද්ගලයකු ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර සංඝමිත්තා මාවතේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය පවසයි.
පෙබරවාර් 6 වැනිදා ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ කොළඹ, දඹුල්ල, නුවර සහ අනුරාධපුර සංචාරය කර ඉකුත් 22 වැනිදා නැවත වරක් සංචාරය සඳහා අනුරාධපුරයට පැමිණ පාපැදියකින් මෙම විදෙස් කාන්තාව පූජා නගරයේ සංචාරය කරන අතරවාරයේ දී මෙම සිද්ධියට මුහුණපා ඇති බව පොලිසිය පවසයි.
සඳකඩ පහණ නරඹා ඒ අසල ඇති, දිග පාෂාණ ලෙන නැරඹීමට යාම සඳහා මාර්ගය සොයා ගැනීමට නොහැ කිව රැදී සිටියදී එම ස්ථානයට පැමිණි මහපෙන්වන්නා යැයි කියන පුද්ගලයා පාෂාණ ලෙන පෙන්වීමෙන් අනතුරුව මෙම අතවරය සිදු කර ඇති බව පොලීසිය පවසයි.
පාෂාණ ලෙනෙහි ඡායාරූප ලබා ගැනීමෙන් අතුරුව පිටත්ව යාමට සැරසීමේදී සැකකරු විසින් ගිමන් හැර යන ලෙස පැවසීම හේතුවෙන් මඳක් නතර වූ බවත් එලෙස විවේක ගැනීමේදී සැකකරු ලංකාවේ අයුර්වේද සම්බාහන යැයි පවසා හිස මසාජ් කළ අවස්ථාවේදී තමා ඊට විරෝධය පළ කිරීමේදී සැකකරු බලහත්කාරයෙන් උරහිස මිරිකා එක්වරම පපු පෙදෙස මිරිකූ බව විදෙස් කාන්තාව සිදු කළ පැමිණිල්ලේ සදහන් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධි කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
316 Views
Comments