“දැන් අපි වයසයි, පැත්තකට වෙලා ඉන්න ඕන අලු‍ත් අයට චාන්ස් එක දීලා” - පියුමි හංසමාලි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

“දැන් අපි වයසයි, පැත්තකට වෙලා ඉන්න ඕන අලු‍ත් අයට චාන්ස් එක දීලා” - පියුමි හංසමාලි

“දැන් අපි වයසයි, පැත්තකට වෙලා ඉන්න ඕන අලු‍ත් අයට චාන්ස් එක දීලා” - පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්.

 

විශේෂයෙන්ම ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම ආන්දෝලනයට ලක්වන කෙනෙක්. කොහොම වුණත්, ඇය සිදුකරන ඇතැම් සත් ක්‍රියා නිසාම ඇයට ප්‍රිය කරන ඇයව අගය කරන පිරිස් බොහෝමයි.

 

ඉස්සර රූප පෙට්ටියේ නිර්මාණවලින් වගේම රිදීතිරයේ සිනමාපටවලින් දකින්න ලැබුණත්, ඇය දැන් නිර්මාණ කටයුතුවල දකින්න ලැබෙන්නෙ නැහැ.


මේ ඒ ගැන ඇය කිවුව කතාව, “මම කොහොමත් රඟපාන පැත්තට ලොකු කැමැත්තක් නෑ. මොඩ්ල් කෙනෙක් විදිහට මම ආවේ. දැන් ඉතින් අවුරුදු 30ක්. දැන් අපි වයසයි. දැන් පැත්තකට වෙලා ඉන්න ඕන අලු‍ත් අයට චාන්ස් එක දීලා” රඟපාන්නෙ නැත්තේ කළකිරීමකින්ද කියලා ඇහුවම පියුමි දුන්නෙ මෙහෙම උත්තරයක් “කළකිරීම් තියනවා. ලංකාවේ ගොඩක් නිළියෝ මම රඟපාන්න එනවට කැමති නෑ සහ මාව කපනවා.

 

ඒ නිසා මම ඔලු‍ව හදාගත්තා බිස්නස් කරන්න’ මාව කපපු හැමෝටම වඩා හොඳ තැනක මම ඉන්නවා” මිනිස්සුන්ට උදව් කරන්නෙ දේශපාලනයට එන්නද ? ඒකට පියුමි කිව්වෙ මෙහෙම දෙයක් “දේශපාලනයට නම් එන්නෙ නෑ. මට සල්ලි ගොඩක් ඕනේ නෑ. ඉතුරු ටිකෙන් ආසයි මිනිස්සුන්ට උදවු කරන්න’ ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තුන්ට උදව් කරන්න.”

views

266 Views

Comments

arrow-up