පැවිදි බව තාවකාලිකව ලබා ගන්න අවස්ථාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

පැවිදි බව තාවකාලිකව ලබා ගන්න අවස්ථාවක්

පැවිදි බව තාවකාලිකව ලබා ගන්න අවස්ථාවක්

සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන විත් වසර 270 ක් සම්පූර්ණ වීම සහ තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා ආරම්භ වී වසර 70 ක් සපිරිම නිමිත්තෙන් සහ එළඹෙන 2023 වසරේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩවාලීම සදහා මෙ මස 28 දින සිට මැයි මස 13 දින දක්වා දින 15 ක කාලයක් සඳහා තාවකාලිකව පැවිදිභාවය ලබා දීමේ වැඩසටහනක් කටුනායක,ඇවරිවත්ත,ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ විහාරථානයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.


මෙම වැඩසටහන සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක,රාජකීය පණ්ඩිත දෙබත්ගම සෝමරතනාභිධාන උපාධ්‍යාය මහනාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබේ.

 

මෙම වැඩසටහන සදහා තායිලන්තය ඇතුළු විදේශීය භික්ෂූන් වහන්සේගේ පිරිසක් ද සහභාගී වීමට නියමිතය.මෙම තාවකාලික පැවිදිභාවය ලැබීමේ වැඩසටහනට සමගාමිව පිණ්ඩපාත චාරිකා,භාවනා වැඩසට හන්,ධර්ම දේශනා සහ පිරිත් සූත්‍ර දේශනා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

 

මම වැඩසටහන සඳහා වයස් භේද,කුළ භේද වලින් තොරව ශ්‍රී ලාංකික ජනතාවට සහභාගී වීමට අවකාශය ඇති අතර මේ වනවිටත් තාවකාලික පැවිදිභාවය ලබා ගැනීම සදහා 200ක අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර,තවදුරටත් මේ සදහා අවස්ථාව ඇති බව සංවිධායක හිමියෝ ප්‍රකාශ කළහ.

 

මෙම වැඩසටහන අවිස්සාවේල්ලේ වග ශ්‍රී වජිරවංශතිස්ස ස්ථවිරයන් වහන්සේ විසින් සංවිධානය කරනු ලබන අතර,මේ පිළිබඳව වැඩිදුර විස්තර මෙ මස 18 දිනට පෙර 0776262256 හෝ 072 – 5554246 මෙම දුරකථන ඔස්සේ ඇමතීමෙන් ලබා ගත හැකිය.

 

මෙම වැඩසටහන දානය , පරිශ්කාර සහ ගිලන්පස භාර ගැනීමෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සිය දායකත්වය පිරිනැමීම සිදු කළ හැකි බවද වජිරවංශතිස්ස ස්ථවිරයන් වහන්සේ වැඩිදුරටත් දන්වා සිටිති.

views

310 Views

Comments

arrow-up