“විස්සෙදි බැදලා ප්‍රශ්නයක් වෙලා මම දික්කසාද වුනා, ඒ ගැන අද සතුටුයි” - ශ්‍රීමාලි ෆොන්සේකා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

“විස්සෙදි බැදලා ප්‍රශ්නයක් වෙලා මම දික්කසාද වුනා, ඒ ගැන අද සතුටුයි” - ශ්‍රීමාලි ෆොන්සේකා

“විස්සෙදි බැදලා ප්‍රශ්නයක් වෙලා මම දික්කසාද වුනා, ඒ ගැන අද සතුටුයි” - ශ්‍රීමාලි ෆොන්සේකා

කලක් අපේ රටේ පුංචි තිරයෙන් නිරන්තරයෙන් දැක ගන්න ලැබුණා ලැබුණේ අතිශයින්ම සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ. ඊටත් පසු කාලීනව මෑතක් වනතුරු ඇයව වැඩිපුර නිර්මාණ හරහා දැකගන්නට ලැබුණේ නැහැ.


නමුත් මේ වන විට විවිධ සාකච්ඡාමය වැඩසටහන් ඔස්සේ ඇයව නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වෙනවා. ඇය වයස අවුරුදු විස්සක් වගේ පොඩි කාලයකදී කාලයක දී විවාහ දිවියට පත් වුණ කෙනෙක්. ඒ වගේම මේ වෙනකොට වයස අවුරුදු 19ක ලොකු දුවෙක් ද සිටිනවා. ඇය තමන්ගේ විවාහය ගැන අදහස් පළකර සිටියේ මේ ආකාරයටයි.


“වයස අවුරුදු විස්සක් කියන්නේ කියන්නේ ලෝකය ගැන දකින්න පටන් ගන්න සමාජය ගැන අවබෝධයක් එන්න පටන් ගන්න වයස. ඒ වයසෙන්ම කසාද ජීවිතයක් පටන් ගන්නවා කියන එක මට හිතෙන විදිහට සාර්ථක දෙයක් නෙවෙයි. මොකද මේ විවාහය සිද්ධ වුණේ මගේ අම්මලාගේ කැමැත්තට.


මම කොහොමත් ඉස්සර ඉඳලම කැමැත්ත තිබුණේ දුවෙක්ට. මම ස්කෑන් එකක් කරලා බැලු‍වෙ නැහැ මට ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියල. මොකද ඒ සප්‍රයිස් එක ගන්න ඕන නිසා. සාමාන්‍යයෙන් මටත් හිතුනා මට ඉන්නේ ගැහැණු ළමයෙක් තමයි කියලා. පිරිමි දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මලා ටිකක් කලු‍වෙනවා කියලා. ඒ වුනාට මම ලස්සන උනා.

විවාහ වුණාට පස්සේ මම ලොකු ප්‍රශ්නෙකට ආවා. මටත් දික්කසාද වෙන්න හිතුනා. ඒ උනාට මං ගොඩක් හිතුවා මගේ අයියලාට මගේ අම්මලාට තාත්තලාට ලැජ්ජාවක් වෙයිද කියලා.  ඒ උනාට ඒ තීරණය අරගෙන ඉදිරියට අපි නිසා අද මම සතුටු වෙනවා. මගේ හස්බන්ට වැරැද්දක් කියන්න බැහැ. එයාගෙ පාර එයා හොයා හොයා ගත්තා වගේම මගේ පාර මම හොයාගත්ත. ඒ නිසා තමන්ට හොඳයි කියන තීරණය අරගෙන ඉදිරියට යන්න කියලා තමයි මම කියන්නේ.”

views

244 Views

Comments

arrow-up