“සෝමවංශ අමරසිංහගේ ලේවලින් ඉපදිච්ච දරුවා මම? - සිය පියා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි අවසානයේ ඇත්ත කියයි

තිළිණි ප්‍රියමාලි කියන නම පසුගිය සමයේ මාධ්‍ය තුළින් ඔබට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන්න ඇති.
තිළිණිට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වුණේ ඇය ප්‍රකෝටිපතියන්ට වංචා කළා කියන එක.
ඒ වගේම අසාද් සාලි ඇතුළු පිරිස් ඇය සම්බන්ධයෙන් පැමිණිලි එහෙමත් සිදු කර තිබුණා.
නොසිතූ විදිහට තිළිණි ප්‍රියමාලිගේ වීඩියෝ පට වගේම රහසිගත හඬ පට පවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා ඔබට මතක ඇති.
කෙසේ වෙතත්, අවසානයේ සිරමැදිරියෙන් එළියට බට ඇය තමන් සම්බන්ධයෙන් බොහෝ වැරදි ප්‍රචාර සමාජගත වූ බව කියා තිබුණා.
එසේම ඇය යූටියුබ් නාලිකාවක් හරහා ඒවාට පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි.
තිළිණිගේ තාත්තාගේ නම?
පැහැදිළිවම මගේ තාත්තා ඩබ්ලිව් ප්‍රේමසිරි, ඩබ්ලිව් කියන්නෙ වඩුවාවල.
තිළිණිගේ පියා හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ?
මැරිච්ච මිනිස්සුන්ටවත් අඩුම තරමේ ඒ මිනිස්සු ඉන්න තැනක ඉන්න අරින්න. මගේ තාත්තා කියලා ඒ මනුස්සයට අපහාස කරන්න එපා. කවුරු හරි කියපු කතාවක්නේ මේ අහන්නෙ. ඔය කියන කෙනා ඒ වීඩියෝ එක මම දැක්කා. කීර්ති රත්නායකට මට කියන්න තියෙන එකම දේ, වගකීමක් නැතුව කිසිම දෙයක් කියන්න යන්න එපා. මෙයා කියනවා, මගේ අම්මාට දාව මාව ඉපදුනේ සෝමවංශ අමරසිංහගේ ලේවලින් ඉපදිච්ච දරුවා මම කියලා. පට්ටපල් බොරුවක් මේක. මමවත් මගේ අම්මවත් තාත්තාවත් දන්නෙ නැතුව මේ පුද්ගලයා දන්නවා මම කාට දාව ඉපදුණාද කියලා. මගේ අම්මා එක කසාදයක් කරගත්තෙ. දරුවෝ හතර දෙනාම ඉපදුනේ ඒ කසාදයෙන්. මම අභියෝග කරනවා, පුළුවන් නම් ඩීඑන්ඒ වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඉතාම නොබෝ දිනයකදී දැනගන්න ලැබෙයි. මම මේවාට නීතියෙන් කටයුතු කරලා තියෙන්නෙ.
570 Views
Comments