“දරාගනු බෑ වේදනාවන් නිමාවක් නෑ නෙතේ කඳුලැල්” - පාස්කු ප්‍රහාරයෙන් දියණියන් දෙදෙනා සහ සැමියා අහිමිවුණු බිරිඳක් ලියූ සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

“දරාගනු බෑ වේදනාවන් නිමාවක් නෑ නෙතේ කඳුලැල්” - පාස්කු ප්‍රහාරයෙන් දියණියන් දෙදෙනා සහ සැමියා අහිමිවුණු බිරිඳක් ලියූ සටහන (PHOTOS)

“දරාගනු බෑ වේදනාවන් නිමාවක් නෑ නෙතේ කඳුලැල්” - පාස්කු ප්‍රහාරයෙන් දියණියන් දෙදෙනා සහ සැමියා අහිමිවුණු බිරිඳක් ලියූ සටහන (PHOTOS)

මීට වසර හතරකට පෙර අද වගේ දිනයක උතුරේ යුද්ධයෙන් පසුව මෙරට වැඩිම මිනිස් ඝාතන සංඛ්‍යාවක් සිදුවුනා.

 

ඒ පාස්කු ඉරිදා දින මෙරට කතෝලික පල්ලි කීපයක සහ තරු පන්තියේ හෝටල් කීපයක පිපිරුණු බෝම්බ ප්‍රහාරය නිසා 400කට අධික පිරිසකගේ ජීවිත අහිමි වුණා.

 

වසර හතරක් ගත වුවද ඒ අඳුරු බිහිසුණු දින මතකයන් මිනිසුන්ගේ හිත්වලින් පලා ගිහින් නැහැ.

 

ඇය නමින් නිරංජලී යසවර්ධන. ඇය තමන්ගේ දියණිය දෙදෙනා සහ සැමියා එක්ක මීගමුවේ කටුවාපිටිය දේවස්ථානයට යන්නෙ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙන්න හිතාගෙන.

 

එදින සිදුවුණු බෝම්බ ප්‍රහාරයෙන් නිරංජලීට ඇගේ දියණියන් දෙදෙනා වගේම සැමියාත් අහිමි වෙනවා. මේ සිවුදීම සමාජ ජාලාවල පවා හැමෝම අතර කතාබහට ලක්වුණු සිදුවීමක්.

 

නිරංජලී ඊයේ සහ අද මේ සම්බන්ධයෙන් ඇගේ සමාජ මාධ්‍යවල ඡායාරූප සහ සටහන් කීපයක් පළ කරලා තිබුනා.

 

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ සටහන්.


“නොමිනිසුන් ගේ කුරිරු කම් මැද
දේව මන්දීරේ ලෙයින් සෝදා
ඔබ තිදෙන දෙව් මවගෙ තුරුලේ
වසර හතරක් පිරෙනවා අද

 

දරාගනු බෑ වේදනාවන්
නිමාවක් නෑ නෙතේ කඳුලැල්
ගෙවෙන දවසේ හැම මොහොතකම
මතක අතරේ රැඳේ නුඹලා

 

බොහෝ සැලසුම් ඇතිව රුදුරූ
අහිංසක නුඹලා මරාපූ
සැලසුමේ මහ එවුන් තාමත්
නිදැල්ලේ වැජඹෙන අපූරුව
නීතියේ දෙවඟන ගොළුයි දැන්
ඇයගෙ දෙසවන් බිහිරි වීදෝ

 

බොහෝ කාලය ගෙවී යන මුත්
මවට දරුවෝ මතක නැති වෙද
කිරි කඳුළු වල වන්දි ගෙවනට
හැකි අයෙකු මිහි පිට සිටී දෝ

 

බිරිඳ මව යන කිරුළු අහිමිව
ගෙවන දිවියේ රසක් ඇති දෝ
අහිංසකයන් මරා දමලා
ජයක් ලැබු යම් කෙනෙක් වේදෝ


නිරංජලී “

 

 

views

288 Views

Comments

arrow-up