අවුරුදු ගණනාවකට පසු සීයාගෙ බිහිසුණු ක්‍රියාවට සමාව ඉල්ලූ මුණුබුරා

දකුණු කොරියාවේ ග්වන්ජු නගරයේ පැවැති විරෝධතාවක් කෲර ලෙස මර්දනය කළ එවක එනම් 1980 වසරේ දී එරට ජනාධිපති චන් ඩූ වාන් කළ අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ මුණුබුරා සමාව ඉල්ලා තිබේ.
ග්වන්ජු සංහාරයේදී පුද්ගලයින් 200ක් පමණ ඝාතනයට ලක්ව ඇති අතර ඒ පිළිබඳ 27 හැවිරිදි චන් වූ වන් වන ඔහුගේ මුනුබුරා මෙලෙස සමාව ඉල්ලා ඇත.
චන් ඩූ වාන් ගේ නායකත්වයෙන් යුතුව දකුණු කොරියාවේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූ අතර ඔහු ජනාධිපති ධුරයට පත්වූයේ ඉන් පසුවය.
පසුව රටට පැනවූ හමුදා නීතියට එරෙහිව ග්වන්ජු විරෝධතා ආරම්භ වූ අතර එය කෲර ලෙස මර්දනය කිරීමට චන් ඩූ වාන් කටයුතු කර තිබේ.
ඔහු 1995 වසරේදී අත්අඩංගුවට ගත් නමුත් එහිද වරද පිළිනොගත් ඔහුට මරණීය දණ්ඩනය හිමි විය.
අපරාධය වෙනුවෙන් සමාව ඉල්ලූ චන් පවුලේ පළමු පුද්ගලයා වන්නේ චන් වූ වන් ය.
260 Views
Comments