“හෙලෝ, උඩරට මැණිකේ සින්දු කියපු ගීතා කුමාරසිංහ ද?” - මාධ්‍යට ලීක් වූ කුවේට් තානාපති සහ ගීතා කුමාරසිංහ අතර දුරකථන සංවාදය (VIDEO)

කුවේට්හිදී සියදිවි නසාගත් බව කියන ලාංකික කාන්තාවගේ මරණය ගැන බැලු බැල්මට සැකයක් ඇති බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපතිවරයා පවසනවා.
ඔහු මේ අදහස් පලකලේ ළමා සහ කාන්තා කටයුතු රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මාධ්‍ය හමුවේදී ඔහුට ගත් දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වමින්.
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදී වසර 07 කට පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි දිනයේදීම කාන්තාවක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වුණා.
ඇය මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පී. ජී. අනෝමා නමැති එක්දරු මවක්.
මියගිය කාන්තාවගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම මරණය පිළිබඳව සැකයක් මතුවන බැවින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
337 Views
Comments