මැයි 18 වනදා ජැක්සන් ඇන්තනී රටම අවධි කරමින් යළිත් නැගිටී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

මැයි 18 වනදා ජැක්සන් ඇන්තනී රටම අවධි කරමින් යළිත් නැගිටී

මැයි 18 වනදා ජැක්සන් ඇන්තනී රටම අවධි කරමින් යළිත් නැගිටී

සයිමන් නවගත්තේගම ශුරීන්ගේ “ක්ෂීර සාගරය කැලඹිණ” නවකතාවේ සිනමාපටය එළඹෙන මැයි 18 සිට දිවයින පුරා තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා.


මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්.

 

 මේ ඔහුගේ සිනමා දිවියේ විසිපස්වන සිනමා පටයි.

 

සයිමන් නවගත්තේගම රචිත “ක්ෂීර සාගරය කැළඹිණ” නැමැති නවකතාව අනුසාරයෙන් මෙහි තිර පිටපත රචනා කොට තිබෙන නමුත්, චිත්‍රපටය සහ නවකතාව අතරෙ හි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම තිබෙන බවත් පැවසෙනවා.


‘ක්ෂීර සාගරය කැලඹිණි. සිනමා පටයේ අධිරාජ්‍යයා ලෙස ජැක්සන් ඇන්තනීත්, කැරලි නායකයා ලෙස හේමාල් රණසිංහත්, පුරම්භිකාව ලෙස උදාරි වර්ණකුලසූරියත්, හිරිමලා ලෙස රවීන් කනිෂ්කත් ප්‍රධාන චරිත නිරූපනය කරන අතර, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, කළණ ගුණසේකර, ප්‍රියංකා සමරවීර, හරිනි කාව්‍යංජනී, රුවන් පෙරේරා ආදී නළුනිළියෝ සෙසු චරිත නිරූපණයෙන් දායක වනවා.

 

මෙහි දර්ශන බහුතරයක් රූගත කර ඇත්තේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන පරිශ්‍රය ආශ්‍රිතවයි.

views

211 Views

Comments

arrow-up