ජංගම දුරකථනය පැහැරගත් රිළවාට කෝල් එකක් - රිළවා කල දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

ජංගම දුරකථනය පැහැරගත් රිළවාට කෝල් එකක් - රිළවා කල දේ මෙන්න

ජංගම දුරකථනය පැහැරගත් රිළවාට කෝල් එකක් - රිළවා කල දේ මෙන්න

ජංගම දුරකථනයක් සොරාගත් රිළවකු ගසක අත්තක් මත සිටියදී දුරකථනය ලබාගැනීමට යෙදූ උපාය සාර්ථක වූ පුවතක් බළන්ගොඩ පින්නවල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

 

හදිසියේ වතුරට වැටුණු දුරකථනය වියළීම පිණිස නිවස ඉදිරිපිට කණුවක් මත තබා තිබියදී ගෙය ඉදිරිපිටට පැමිණි රිළවකු මෙය රැගෙන ගොස් ඇති බව දැක ගැනීමට ලැබිණි. වහාම ක්‍රියාත්මක වූ එම තරුණයා වෙනත් දුරකථනයකින් රිළවා අත තිබූ දුරකථනයට ඇමතුමක් ලබා දුන්නේ කෙතරම් කෑ ගැසුවත් ෆෝන් එක අත නොහැරි නිසාය.

 

සොරාගත් ෆෝන් එක නාදවීමත් සමඟ බියවූ රිළවා ෆෝන් එක අතහැර පලා ගියේය.

views

215 Views

Comments

arrow-up