ඔයාට ඕනෙ උනේ නෑ ජනප්‍රිය වෙන්න ඒත් දැන් ඔයා ජනප්‍රියයි ” ධනංජය සංවේදී වෙමින් බිරිඳට කියූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

ඔයාට ඕනෙ උනේ නෑ ජනප්‍රිය වෙන්න ඒත් දැන් ඔයා ජනප්‍රියයි ” ධනංජය සංවේදී වෙමින් බිරිඳට කියූ දේ

ඔයාට ඕනෙ උනේ නෑ ජනප්‍රිය වෙන්න ඒත් දැන් ඔයා ජනප්‍රියයි ” ධනංජය සංවේදී වෙමින් බිරිඳට කියූ දේ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. ඔහු මේ දිනවල දී නිවේදනය හරහාට දක්නට ලැබෙන අතර ඔහුගේ ආදරණීය බිරිඳ වන ශශිනි සිරිවර්ධන සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් දෙනා අතර ජනප්‍රියයි. ඇය බොහොමයක් රූපලාවණ්‍ය උපදෙස් ලබා දෙමින් මේ වන විට වන විට කාන්තාවන් අතර ආදරණීය චරිතයක් බවට පත්වෙලා සිටිනවා.


ඊයේ කියන්නේ අයට ඉතාමත් සුවිශේෂී දිනයක් ඒ තමයි ඇයගේ උපන් දිනය යෙදී තිබීම. ඉතින් ඒ වෙනුවෙන් ධනංජය ඉතාමත් සංවේදී වෙමින් තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් අපූරු සටහනක් පළ කරලා තිබුණා.

 

මේ එම සටහනයි,

““වයිෆ් ගෙ පින්ක් රූම් අපි බලනව කියන්න”


ලංකාවෙ විතරක් නෙවෙයි වෙන රටවල ඉන්න ගොඩක් අයත් මට එහෙම කියල තියෙනව. ඩොක්ටස්ලා, ගුරුවරු මගේ ක්ෂේත්‍රයේ අයත් ඉස්කෝලෙ යන කෙල්ලොත් ඔයාගෙ පින්ක් රූම් බලනව. ඒ අය මාව හම්බුනාම එහෙම කියනකොට ඇත්තටම මට සතුටුයි. ඔයාට ඕනෙ උනේ නෑනෙ ජනප්‍රිය වෙන්න. ඔයාට ඕනෙ උනේ හොඳ දෙයක් කරන්න. ඒත් දෑං ඔයා ජනප්‍රියයි. මගේ නාට්‍ය බලන්නැති අයත් ඔයාව දන්නව. ඔයාට කැමතියි. ඇත්තටම මාත් ඔයාට හරි කැමතියි. සුබ උපන් දිනක් වයිෆ්”

ඉතින් ජන්ම දිනය සමරන ශශිනිට අපි සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කර සිටිනවා.

views

282 Views

Comments

arrow-up