2023 කාර්යක්ෂමතා වසර බවට පත් කරන්න මෙටා සමාගම ගත් තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

2023 කාර්යක්ෂමතා වසර බවට පත් කරන්න මෙටා සමාගම ගත් තීරණය

2023 කාර්යක්ෂමතා වසර බවට පත් කරන්න මෙටා සමාගම ගත් තීරණය

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා ප්ලැට්ෆෝම්ස් සමාගම නැවතත් එහි සේවකයින් 10,000 කප්පාදුවක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

එම සමාගම පවසන්නේ 2023 කාර්යක්ෂමතා වසර බවට පත්කිරීමේ අරමුණ ඇතිව සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් එම ක්‍රියාවලිය ආරම්භකර ඇති බවය.


නවතම සේවක කප්පාදුව එහි සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවන්ට සහ අනෙකුත් සේවකයින්ට බලපාන බවද එම සමාගම අනාවරණය කරයි.

 

මෙම 10,000ක සේවක කප්පාදුව එකවර සිදු නොකරන බවත් මෙය ක්‍රියාවලියක් ලෙස මාස කිහිපයක් පුරාවට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

 

මෙටා ප්ලැට්ෆෝම්ස් සමාගම මීට පෙරද එහි සේවකයින් 11,000ක් පමණ ඉවත්කළේය.

views

227 Views

Comments

arrow-up