ලංගම බසය යතුරුපැදියේ ගැටී උප පොලිස් පරික්‍ෂකට දිවි අහිමි කල හැටි

යාපනයේ කයිතඩි ප්‍රදේශයේදී සිදු වූ රථවාහන අනතුරකින් කොඩිගාමම් පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු සිද්ධිය වූ ස්ථානයේදීම පෙරේදා රාත්‍රී (19) මියගොස් තිබේ.
මෙම නිලධාරියා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණි ලංගම බස්රථයක් යතුරුපැදියේ ගැටී ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවේදී යතුරුපැදියත් සමග මහපාරට වැටුණු විට ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් ඔහුව යට කරගෙන ගොස් තිබේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ආර්. එම්. ගුණරත්න නමැති උප පොලිස් පරීක්ෂකවරයෙකි. මුලින්ම අනතුර සිදුකොට ඇත්තේ කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් පැවති ලංගම බස් රථයයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ චාවාකච්චේරි පොලිසිය ලංගම බස් රථයේ රියැදුරු හා ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
211 Views
Comments