මිතුරියගේ උපන්දිනය සමරන්න යමින් සිටි තරුණියගේ ජීවිතය අහිමිවුණු හැටි (PHOTOS)

මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගි වීමට යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක පෙරේදා 25 වැනිදා රාත්‍රි දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය කියයි. මාතර ඇලවේල්ල නූපේ ප්‍රදේශයේ දී දුම්රියේ හැපීමෙන් මෙම අනතුර සිදු විය.
මියගොස් ඇත්තේ හිත්තැටිය නැගෙනහිර පදිංචිව සිටි දෙව්මිණි සඳරුවනි (16) නමැත්තියක බවත් ඇය හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක බවත් පොලිසිය සඳහන් කරයි.
තවත් මිතුරියන් තිදෙනකු සමග දුම්රිය මාර්ගය දිගේ වෙනත් මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගීවීම සඳහා යමින් සිටිය දී ඇය අනරතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි.
මාතර මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
511 Views
Comments