කසිප්පු පො‍‍ළට පොලිසිය පනිද්දී පලාගිය තරුණයාට අත්වූ අවාසනාවත්න ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

කසිප්පු පො‍‍ළට පොලිසිය පනිද්දී පලාගිය තරුණයාට අත්වූ අවාසනාවත්න ඉරණම

කසිප්පු පො‍‍ළට පොලිසිය පනිද්දී පලාගිය තරුණයාට අත්වූ අවාසනාවත්න ඉරණම

අකුරැස්ස පොලිසිය නිල් මෑණිගම ගම්මානයේ සිදුකළ නීති විරෝධි මත්පැන් පෙරන ස්ථානයක් වැටලීමේ දී පලාගිය පිරිසෙන් එක් අයකු ළිඳකට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 

පොලිසිය තරුණ පිරිස ලුහුබැඳ යද්දී එම තරුණයා ළිඳට වැටී ඇති බවත් ඒ පිළිබඳව පොලිසිය නොතකා කටයුතු කිරීම ගැන ගම්වාසීහු පෙරේදා (20) රාත්‍රියේ අකුරැස්ස පොලිසියට එරෙහිව දැඩි විරෝධයක් පළ කළහ.

 

මරණය සම්බන්ධයෙන් පොලිසිය වගකිව  යුතු බවද ඔවුහු කීහ.

 

මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන 32 හැවිරිදි කරවිටගේ රුවන් සම්පත් නමැති එක්දරු පියෙකි.

 

විරෝධතාවේදී සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය එක් දරු පියාගේ සොහොයුරකු වන කරවිටිගේ සඳරුවන් මහතා කියා සිටියේ සවස 5.00ට පමණ නිවසින් බැහැරට ගිය සොහොයුරා රාත්‍රි 8.00 පමණ වනතුරුත් නොපැමිණීම නිසා සොයා බැලීමේ දී පොලිසිය පන්නද්දී පාළු ළිඳකට වැටී මියගොස් ඇති බවය.



මෙම වැටලීමෙන් නීති විරෝධි මත්පැන් සමඟ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ පොලිසිය කළ වැටලීමේ දී හය හත් දෙනකු පැනගොස් ඇති බවත් අඳුරේ දිව යෑමේ දී මෙම පුද්ගලයා ළිඳට වැටෙන්නට ඇති බවත්ය.

views

228 Views

Comments

arrow-up