“ඔයා ඇතුළට යන්න කියලා කිවුවා අක්කෙ, මම ගියාට පස්සෙ ඔයාට යන්න බෑ” - ඕමානයේ ඉන්න ජාවාරම්කරුවෙක් ගහපු ගේමේ වීඩියෝ එළියට (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

“ඔයා ඇතුළට යන්න කියලා කිවුවා අක්කෙ, මම ගියාට පස්සෙ ඔයාට යන්න බෑ” - ඕමානයේ ඉන්න ජාවාරම්කරුවෙක් ගහපු ගේමේ වීඩියෝ එළියට (VIDEO)

“ඔයා ඇතුළට යන්න කියලා කිවුවා අක්කෙ, මම ගියාට පස්සෙ ඔයාට යන්න බෑ” - ඕමානයේ ඉන්න ජාවාරම්කරුවෙක් ගහපු ගේමේ වීඩියෝ එළියට (VIDEO)

ඕමානයේ රැකියා සඳහා යවන බව පවසමින් සිදුකෙරෙන තවත් කූඨ ජාවාරමක තොරතුරු අනාවරණ වුණා.


ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු, කඩුවෙල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකසා මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


රැකියා ලබාදෙන බව පවසමින් මොහු පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් ලබාගෙන සංචාරක වීසා මත ඔවුන් ඕමානයට රැගෙන ගොස් තිබෙනවා.


එලෙස රැගෙන යන පුද්ගලයින් ජාවාරම්කරු විසින් මාස ගණනාවක් තිස්සේ රඳවාගෙන සිට ඇත්තේ” කුලී පදනම මත ලබාගත් නිවසකයි.


ජාවාරම්කරු මේ වනවිට ඕමානයේ රැදී සිටින අතර ඊට හසුවී සිටින පිරිස් තමන්ගේ වීසා කාලය දිගුකර හෝ රැකියා ඉල්ලා සිටි අවස්ථාවේ අදාළ පුද්ගලයා ඔවුන්ට තර්ජනය කර තිබෙනවා.


එමෙන්ම, සැකකරු විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රාවක් ව්‍යාජ ලෙස සකසා කාන්තාවක් ඕමානයට සංචාරක වීසා මත පිටත් කළ අවස්ථාවේ ඇය කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා.

 

 

views

210 Views

Comments

arrow-up