“දැඩි රස්නෙට ඉන්ධන ටැංකි පුපුරයි?‘” - අයිඕසී සමාගම දුන් උත්තරය මෙන්න

ශ්‍රී ලංකාවේ දැනට පවතින වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වාහනවල ඉන්ධන ටැංකි උපරිම මට්ටමට පිරවීම සිදු නොකරන ලෙසත් එසේ වුවහොත් පුපුරා යාමේ අවදානමක් පවතින බවත් අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව එම සමාගම පවසනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
අයි.ඕ.සී. සමාගම විසින් එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවට ඉංග්‍රීසි භාෂාවෙන් සටහනක් එක් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් හුවමාරු වනවා.
ඒ අනුව සමාජයේ බොහෝ පිරිසක් අදාළ පුවත සම්බන්ධයෙන් බිය වී සිටි අතර ඔවුන් එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා ආකාරයක් ද දක්නට ලැබුණා
අයි.ඕ.සී. සමාගම නිවේදනයක් නිකුත් කරමින් එය අසත්‍ය පුවතක් බවට සඳහන් කළේ එවන් පසුබිමකයි.
235 Views
Comments