ලෙන් විහාරයේ බුදුපිළිමයක් යටින් මතුවූ අලු‍ත් උපන් දරුවා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

ලෙන් විහාරයේ බුදුපිළිමයක් යටින් මතුවූ අලු‍ත් උපන් දරුවා

ලෙන් විහාරයේ බුදුපිළිමයක් යටින් මතුවූ අලු‍ත් උපන් දරුවා

වත්තේගම ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරයට යන මාර්ගය ආසන්නයේ පිහිටි බුදු පිළිමය යට දමා ගොස් තිබූ අලු‍ත උපන් බිළිඳකු සොයා ගත් බව වත්තේගම පොලිසිය පවසයි.

 

එම දරුවා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.


මෙම දරුවා බුදුපිළිමය යට තබා ගොස් තිබෙන අයුරු ප්‍රදේශවාසීන් පිරිසක් දැක රෝහල්ගත කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


මෙම මිනිස්සු දරුවා නිරෝගී සුවයෙන් පසුවන බව වත්තේගම රෝහලේ ප්‍රකාශකයෙක් කීය.


බිලිඳා බිහිකළ මව ගැන තොරතුරු හෙළි කර ගැනීමට ද වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.


එම දරුවා එම ස්ථානයේ දමා ගිය අය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.

views

295 Views

Comments

arrow-up