අලුත උපන් කිරිකැටියා කුණු ගොඩට විසිකල නරුම මවට වැඩ වැරදුණ හැටි

සිය නිවසේ දී දරුවෙකු ප්‍රසූත කළ කාන්තාවක් එම උපන් දරුවා කුණු ගොඩකට බැහැර කර මිනීමැරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (20 දා) විමර්ශනයක් ආරම්භ කළ බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.
අදාළ කාන්තාව තඹුත්තේගම පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් බවත්, ඇය පසුගිය 16 දා පස්වරු 02ත් 03ත් අතර කාලයේදී දරුවා ප්‍රසූත කර එම දරුවා කුණු ගොඩකට බැහැර කර තිබූ බවට තොරතුරු ලැබුණු බව පොලිසිය කියයි.
මෙම සැකකාර මව සහ දරුවා මේ වනවිට තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කළේය. මෙම අපරාධ ක්‍රියාව සම්බන්ධයෙන් සැකකාර මවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
493 Views
Comments