රෙද්දේ ඉවෙන් නිවස බින්ද හොරා ඇල්ලූ පොලිස් සුනඛයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

රෙද්දේ ඉවෙන් නිවස බින්ද හොරා ඇල්ලූ පොලිස් සුනඛයා

රෙද්දේ ඉවෙන් නිවස බින්ද හොරා ඇල්ලූ පොලිස් සුනඛයා

ගලගෙදර, හෑදෙනිය ප්‍රදේශයේ නිවසක් බිඳ රූපවාහිනියක් ඇතුළු භාණ්ඩ තොගයක් සොරකම් කළ සොරකු අල්ලා ගැනීමට එම රූපවාහිනිය වසා තිබූ රෙද්දේ ඉව ඔස්සේ ගිය අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ චාලි නම් නිල සුනඛයා ඉකුත්දා සමත් විය.

 

හෑදෙනිය සඳුන් උයන ප්‍රදේශයේ නිවසක පදිංචිකරුවන් නිවස වසා දමා බකමූණ ප්‍රදේශයේ නිවසකට පදිංචියට ගොස් නැවත පැමිණ ඇති අතර, නිවසේ තිබූ රූපවාහිනියක් ඇතුළු භාණ්ඩ තොගයක් නිවස බිඳ රැගෙන ගොස් ඇති බවට දැක ඇත.

 

ඒ පිළිබඳව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව, සොරුන් ඇල්ලීමට අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සහාය ලබාගැනීමට ගලගෙදර පොලිසිය පියවර ගෙන තිබිණ.

 

අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයට නෙදර්ලන්තයෙන් රැගෙනවිත් පුහුණුව දී වසර පහකට ආසන්න කාලයක් තිස්සේ සේවය කරමින් සිටින ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ නිල සුනඛ චාලි ඒ සඳහා යොදවා ඇත.

 

නිවස බිඳ භාණ්ඩ රැගෙන ගෙන ගිය දිනයක් පවා නිසියාකාරව නොදැන සිටි නිවැසියන් පොලීසියට පවසා ඇත්තේ නිවසින් සොරාගෙන ගොස් තිබූ රූපවාහිනිය වසා තිබූ රෙද්ද බිම දමා ගොස් තිබෙන බවයි. එම රෙදි කැබැල්ලේ ඉව චාලිට ලබාදීමෙන් පසු නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුර ගොස් වැරැල්ලගම ප්‍රදේශයේ නිවසකට ගිය චාලි ගේ ගමනාන්තය එතනින් අවසන් වී ඇත.

 

ඒ අනුව, එම නිවස පරික්ෂා කර ඇති පොලිසිය අදාළ නිවසෙන් සොරාගන්නා ලද භාණ්ඩ වලින් කොටසක් එම නිවසේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

views

304 Views

Comments

arrow-up