කාගේත් වැඩි කැමැත්තක් නැතිව හිටපු කෝලි මෙදා පාර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් හැටි මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

කාගේත් වැඩි කැමැත්තක් නැතිව හිටපු කෝලි මෙදා පාර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් හැටි මෙන්න (VIDEO)

කාගේත් වැඩි කැමැත්තක් නැතිව හිටපු කෝලි මෙදා පාර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් හැටි මෙන්න (VIDEO)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ජය ගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

 

මේ තරගය ජය ගැනීමත් එක්කම අවසන් තරගයේ සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදුවුණා.

 

එය ප්‍රේක්ෂකයින්ගේ දැඩි කතාබහට ලක්වුණා වගේම සමාජ ජාලා හී අපූරූ ප්‍රතිචාරද හිමිවුණා.

 

විරාට් කෝලි කියන්නේ ඉන්දීය වගේම ලෝක ක්‍රිකට් හී සිටින විශිෂ්ටතම ක්‍රීඩකයා බව අවිවාදිතයි.

 

ආක්‍රමනශීලී ක්‍රීඩා විලාශය වගේම පිටිය තුලදී ඔහුගේ හැසිරීමට ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන් එතරම් කැමැත්තක් නොදැක්වූවද ඔහුට ආදරය හිතෙන සිදුවීම් කිහිපයක්ම සමාජ ජාලා හී දැක ගැනීමේ හැකියාව ලැබුණා.

 

ඒ අවසන් තරගයේදී කුසල් මෙන්ඩිස්ට ජර්සියක් පිරිනැමීම , පපරේ වාදනයට නර්ථනයේ යෙදීම සහ තරගය අතරතුරදී අසිත ප්‍රනාන්දු සමග උණුසුම් වචන හුවමාරුවක යෙදුන කෝලි පසුව තරගයෙන් අනතුරුව සුහද කතාබහක යෙදීම වැනි සිදුවීම් කාගේත් කතාබහට ලක්වුණා වගේම ඔහුට තිබුණ කැමැත්ත වැඩි වෙන සිදුවීම් බවටද පත්වුණා.

 

 

views

411 Views

Comments

arrow-up