පන්සල් ගිහින් සිල් අරන් ගෙදර එනකොට ගෙට පැන්න දෙදෙනෙක් දෙවැනි සිල්පදය කඩලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

පන්සල් ගිහින් සිල් අරන් ගෙදර එනකොට ගෙට පැන්න දෙදෙනෙක් දෙවැනි සිල්පදය කඩලා

පන්සල් ගිහින් සිල් අරන් ගෙදර එනකොට ගෙට පැන්න දෙදෙනෙක් දෙවැනි සිල්පදය කඩලා

නිවැසියන් විහාරස්ථානයට ගොස් එනවිට නිවස තුළ සැඟවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන්ගේ රුපියල් ලක්ෂ 73 1/2 ක් පමණ වටිනා ස්වර්ණාභරණ කොල්ලකා පලා ගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය කියයි .

 

යගිරල උඩුගම පදිංචි කන්දු දුර බන්දුලසිරි සිල්වා අබේවීර ගුණසේකර (අවු 71) යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 

නිවැසි යුවළ විහාරස්ථානයට ගොස් ආපසු එනවිට නිවස තුළ සැඟවී සිටි සැකකරුවන් උල් පිහි පෙන්වා තර්ජනය කොට ඔවුන් පැලඳ සිටි මාල කරාබු මුදු ආදි සියලු ආභරණ කොල්ල කා ඔවුන් නිවස තුළ සිටිය දී දොරගුලු දමා යතුරුද රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

 

ඉත්තෑපාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වන්නිනායක මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

254 Views

Comments

arrow-up