අලු‍ත විවාහ වූ පෙම්වතා පැරණි පෙම්වතිය එක්ක රූම් ගිහින් සිදුවූ ජරමරයෙන් පෙම්වතුන් දෙදෙනාටම රෝහලට යන්න වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

අලු‍ත විවාහ වූ පෙම්වතා පැරණි පෙම්වතිය එක්ක රූම් ගිහින් සිදුවූ ජරමරයෙන් පෙම්වතුන් දෙදෙනාටම රෝහලට යන්න වූ හැටි

අලු‍ත විවාහ වූ පෙම්වතා පැරණි පෙම්වතිය එක්ක රූම් ගිහින් සිදුවූ ජරමරයෙන් පෙම්වතුන් දෙදෙනාටම රෝහලට යන්න වූ හැටි

අලුත විවාහ වූ තරුණයකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමග මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී පෙරේදා සවස දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය නිදි පෙති අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසා රෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව මැදවච්චිය පොලිසිය පවසයි.

 

තරුණයාගේ එක් අතක කැපුම් තුවාලයක් පෙනෙන්නට තිබෙන බව පොලිසිය සඳහන් කරයි. බෝගහවැව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පොළොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ හිටපු පෙම්වතිය බව කිය තරුණිය සමග මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම් හල කට පැමිණ කාමරයක ලැගුම්ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

 

පෙම්වතා මීට දින කිහිපයකට කලින් වෙනත්  තරුණියක සමග විවාහ වී ඇති බව කල්තියා දැනගෙන සිටි පෙම්වතිය ඒ ගැන ඔහුගෙන් විමසා අත් බෑගයේ සඟවාගෙන පැමිණි පිහියකින් ඔහුට ඇනීමට උත්සාහ කළ අවස්ථාවේ දෙදෙනා අතර පොර බැදීමක් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

 

තරුණයාගේ අතකට තුවාල වී ඇත්තේ මෙම පොර බැදීම සිදුවුණු අවස්ථාවේ දී යැයි කියති. පසුව පෙම්වතිය බව කියන තරුණිය නිදි පෙති අධි මාත්‍රාවක් පානය කිරීම නිසා ඇය ද රෝගාතුර ව ඇතැයි පොලිසිය කියයි.

 

ලැගුම්හලේ අයිතිකරු සහ සේවකයන් වහා ක්‍රියාත්මක වී දෙදෙනාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මැදවච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

18231 Views

Comments

arrow-up