නිවසක ඇති කල බල්ලාට වසදී මරා දැමූ නිතීඥවරියට සිදුවුණු දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

නිවසක ඇති කල බල්ලාට වසදී මරා දැමූ නිතීඥවරියට සිදුවුණු දේ

නිවසක ඇති කල බල්ලාට වසදී මරා දැමූ නිතීඥවරියට සිදුවුණු දේ

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නීතීඥ පුතෙකුගේ නිවසක සුරතලයට ඇතිකරන සුනඛයකුට වසදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් ඊයේ (25) අත්අඩංගුවට ‌ගෙන තිබේ.

 

කහතුඩුව පොලිසිය පැවසුවේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

කිරිවත්තුඩුව තලගලවත්ත ප්‍රදේශයේ පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස පිහිටි භූමිය අවට ස්ථාන කිහිපයක ඉකුත් 12 දා කුඩා ප්‍රමාණයේ සැකකටයුතු පාර්සල් කිහිපයක් තිබී ඇති අතර ඒ බව දුටු මෙහෙකාරිය නීතිඥවරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳව සොයා බලමින් සිටියදී එක්වරම නිවසේ ඇතිකරන සුනඛයා සෙම පෙරාගෙන සිහිසුන්ව බිම ඇද වැටී තිබේ.


ඒ අනුව පශු වෛද්‍යවරයෙකු නිවසට කැඳවා සුනඛයා පරික්ෂා කොට ඇති අතර එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ කිසියම් වස වර්ගයක් ශරීරගතවීමෙන් සුනඛයා මියගොස් ඇති බවයි.

 

ඒ අනුව නිවසේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේදී ඉකුත් 12 දා නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි රතු පැහැති මෝටර් රථයක් පැමිණ ඉන් බැසගත් පුද්ගලයෙකු කිසියම් ද්‍රව්‍යයක් වත්ත තුළට විසි කරන අයුරු දැක තිබේ.

 

ඒ අනුව නිවස හිමි නීතිඥවරයා සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකටයුතු ලෙස පැමිණි මෝටර් රථය මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියේ නිරත නීතිඥවරියක ට අයත් එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

 

ඒ අනුව සැකකාර නීතිඥවරියට ඊයේ (25) පොලිසියට පැමිණෙන ලෙසට කළ දැනුම්දීමකට අනුව පොලිසියට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් ලබාගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

views

471 Views

Comments

arrow-up