“තාම ඉන්නේ යන්ත්‍රසූත්‍රවලින් යථා තත්ත්වයට පත්වෙන්න හැකියාව අඩුයි” - ජැක්සන්ගේ ජීවිතය ගැන සෞඛ්‍ය අංශ කළ අනාවරණය (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

“තාම ඉන්නේ යන්ත්‍රසූත්‍රවලින් යථා තත්ත්වයට පත්වෙන්න හැකියාව අඩුයි” - ජැක්සන්ගේ ජීවිතය ගැන සෞඛ්‍ය අංශ කළ අනාවරණය (VIDEO)

“තාම ඉන්නේ යන්ත්‍රසූත්‍රවලින් යථා තත්ත්වයට පත්වෙන්න හැකියාව අඩුයි” - ජැක්සන්ගේ ජීවිතය ගැන සෞඛ්‍ය අංශ කළ අනාවරණය (VIDEO)

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා නැවතත් පෙර සිටි තත්ත්වයට පත්වීමේ හැකියාව වෛද්‍ය විද්‍යාත්මකව ඉතා අඩු බව සෞඛ්‍යය ව්‍යත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

 

මේ වන විට ඒ ඇන්තනී මහතාගේ ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරව යම් යම් මිත්‍යා විශ්වාස මත තල්ලු‍ වෙමින් ඉදිරියට යන බවක් පේන්න ඇතැයිද ඔහු පවසයි.


කොළඹ ජාතික රෝහල යනු බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කරන්න තැනක් මිස ආශ්චර්යයන් සිදු වන තෙක් බලා සිටිනා තැනක් නොවන බවද හෙතෙම කියා සිටියි.


අද වන විටත් ජැක්සන් ඇන්තනි මහතා ජීවත් වන්නේ යැයි විශ්වාස කරන්නේ තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර නිසා මිස මිත්‍යා විශ්වාස නිසා නොවන බවද ඔහු පෙන්වා දෙයි.

 

ජැක්සන් ඇන්තනි මහතාට ගැටලු‍වක් නොවන ආකාරයට මේ ආකාරයේම පහසුකම් ඇති වෙනත් වාට්ටුවක් දින දෙක තුනකින් නිර්මාණය කර දීමට ඔහුට ආදරය කරන සියළු පාර්ශවයන්ට හැකියාව හැකියාව ඇති බවත් එසේ නැතිනම් මෙවන් රෝගීන් තම නිවෙස තුළ මේ ආකාරයේ යන්ත්‍රසූත්‍ර සවිකරගෙන රජයේ මැදිහත්වීම ද සහිතව එම රෝගීන් රැකබලා ගන්නා බවද හෙතෙම පැවසීය.


ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පි කාලයක් තබා ගන්නැයි රෝහල් පද්ධතියෙන් ඉල්ලීමක් කළ හොත් එය බරපතල අභියෝගයක් වන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

 

views

364 Views

Comments

arrow-up