ලයිසනුන් නැතුව තාත්තාගේ ත්‍රීවීලරේ පදවා අනතුරකින් පසු ගඟට දැමූ පුතා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

ලයිසනුන් නැතුව තාත්තාගේ ත්‍රීවීලරේ පදවා අනතුරකින් පසු ගඟට දැමූ පුතා

ලයිසනුන් නැතුව තාත්තාගේ ත්‍රීවීලරේ පදවා අනතුරකින් පසු ගඟට දැමූ පුතා

වලංගු රියැදුරු බලපත්‍රයක් නැතිව තම පියාගේ ත්‍රිරෝද රථය පදවා පේරාදෙණිය නගරයේදී අනතුරක් සිදු කර ඉන් ගැලවීම සඳහා ත්‍රිරෝද රථය කටුගස්තොට නවයාලතැන්න දුම්රිය පාලම අසලින් මහවැලි ගඟට තල්ලු කළ බව කියන පුද්ගලයකු සොයා කටුගස්තොට සහ පේරාදෙණිය පොලිසි මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

මහවැලි ගගේ ත්‍රිරෝද රථයක් පාවෙමින් තිබෙණු දුටු නවයාලතැන්න ප්‍රදේශවාසීන් ඊයේ (11) ඒ බව කටුගස්තොට පොලිසියට දැනුම් දී ඇත.

 

ඒ වන විටත් එවැනි අනතුරක් සම්බන්ධව කටුගස්තොට පොලිසියට වාර්තා වී නොතිබීම හේතුවෙන් පොලිසිය එහි රියැදුරු ගඟේ ගිලෙන්නට ඇතැයි සැක කර තිබේ.

 

ඒ සම්බන්ධව නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා අවට සී.සී.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

 

ත්‍රිරෝද රථයේ පැමිණෙන පුද්ගලයා ඉන් බැස ත්‍රිරෝද රථය මහවැලි ගඟට තල්ලු කර දමන අයුරු කැමරාවල සටහන්ව තිබීමත් සමඟ පොලිසිය ත්‍රිරෝද රථයේ අංකය ඔස්සේ එහි හිමිකරු සොයා පරීක්ෂණ සිදු කර ඇත.

 

ඒ අනුව ත්‍රිරෝද රථයේ ලියාප දිංචි හිමිකරු දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ. ත්‍රිරෝද රථය පදවාගෙන ආ බව කියන එහි හිමිකරුගේ පුත්‍රයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

සැකකරු රථය පදවා ගෙන යන අවස්ථාවේ මහමඟ ගමන් ගනිමින් සිටි පුද්ගල යකු පේරාදෙණිය නගරයේදී එහි ගැටී තිබෙන බව හෙළිව ඇත.

 

රියැදුරු බලපත්‍රයක් නැති පුද්ගලයකුට වාහනයක් ලබාදීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ හිමිකරුටද අනතුරක් සිදු කර පලා යෑම සහ රියැදුරු බලපත්‍රයක් නැතිව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයාට ද එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

views

359 Views

Comments

arrow-up