තහනම පෙමට උරණ වූ මාමණ්ඩිගේ සවල් පහරින් බෑණා අවසන් ගමන් ගිය හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

තහනම පෙමට උරණ වූ මාමණ්ඩිගේ සවල් පහරින් බෑණා අවසන් ගමන් ගිය හැටි

තහනම පෙමට උරණ වූ මාමණ්ඩිගේ සවල් පහරින් බෑණා අවසන් ගමන් ගිය හැටි

කිළිනොච්චියේ, ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේදී මාමණ්ඩිය සිය බෑනාට සවලකින් පහර දී මරා දමා තිබේ.

 

බෑනා අනියම් පෙමක පැටලී ඇති අතර ඔහු අනියම් බිරිය හමුවීමට යාමට සූදානම් වූ අවස්ථාවේදී මාමණ්ඩිය හා බෑනා අතර බහින්බස් වීමක් සිදුව තිබේ.

 

මේ අවස්ථාවේදී රණ්ඩුව දුර දිග යාමත් සමගම මාමණ්ඩිය සිය බෑනාට වැලි ගොඩ දැමීමට භාවිත කරන සවලකින් පහර දීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඇති අතර තුවාලකරු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

 

මෙසේ මියගොස් ඇත්තේ දෙදරු පියකු වන ආරුමුකම්පිල්ලේ දුස්‍යන්තන් (34) නැමැති අයෙකි.

 

කිළිනොච්චිය පොලිසිය සැකකාර මාණ්ඩිය අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යයි.

views

403 Views

Comments

arrow-up