“මම කොච්චර බය වුණාද කිව්වොත් මගේ පළවෙනි සැමියා හොයන්න ගිහින් අතරමං වුණා එදා” උපේක්ෂාගේ අදහගන්න බැරි කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

“මම කොච්චර බය වුණාද කිව්වොත් මගේ පළවෙනි සැමියා හොයන්න ගිහින් අතරමං වුණා එදා” උපේක්ෂාගේ අදහගන්න බැරි කතාව

“මම කොච්චර බය වුණාද කිව්වොත් මගේ පළවෙනි සැමියා හොයන්න ගිහින් අතරමං වුණා එදා” උපේක්ෂාගේ අදහගන්න බැරි කතාව

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ රංගනයෙන් කාගෙත් ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.

 

පසුකාලීනව ඇය දේශපාලන කරළියෙත් කැපී පෙණුනා.

 

නමුත් දැන් නම් ඇය දේශපාලනයට සමුදීලයි ඉන්නෙ.

 

පසුගිය දවසක ඒ දේශපාලන ආගමනය ගැන උපේක්ෂා කිව්වේ මෙහෙම කතාවක්.

 

“මම ඡන්දයට ආවට මගෙ පසුබිමේ දේශපාලනය ඇත්තෙවත් නෑ, ජන්ද කාලේදි සෙනඟ පිරිවරාගෙන කෑ ගහනවනේ කට්ටිය, මම හොඳට ම බය වුණා. දිවුරුම් දීලා එළියට ආවහම මම අතරමං වුණා. මම කොච්චර බය වුණාද කියනවා නම් මගේ පළවෙනි ස්වාමි පුරුෂයා හොයන්න ගිහින් අතරමං වුණා එදා. මීඩියා එකෙනුත් ඒක දැක්කා, ලිෆ්ට් එකෙන් බැහැලා මම යන විදිහ”‍


”‍ඒ බය අවුරුද්දක් දෙකක් විතර තිබුණා, අන්තිම අවුරුදු දෙක නම් ගාණක් නෑ. මගේ උපන්දිනය දවසේ මැසේජ් එක ආවේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියලා. මට පාර්ලිමේන්තු යද්දි දැනුමක් තිබ්බෙ නෑ. ඒවා හම්බුණා ගියාට පස්සෙ. ව්‍යවස්ථාව මොකද්ද වගකීම මොකද්ද ඒවා දැනන් හිටියේ නෑ. මිනිස්සු මට දොස් කියන්නෙත් ඒක නිසා. ඔය පරණ වැඩසටහන් බැලු‍වොත් මගේ අවංකකමත් පේනවා. මම ඒ වැඩසටහන්වලට ගියාට පසු තැවෙන් නෑ, මට දැනුම තිබුන් නැති වුණාට, අවංකකම තිබුණා.”‍

views

283 Views

Comments

arrow-up