“ලොකු දුව මට කියනවා ආයෙත් පාරක් බඳින්න කියලා” - චන්න පෙරේරා කී කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

“ලොකු දුව මට කියනවා ආයෙත් පාරක් බඳින්න කියලා” - චන්න පෙරේරා කී කථාව

“ලොකු දුව මට කියනවා ආයෙත් පාරක් බඳින්න කියලා” - චන්න පෙරේරා කී කථාව

දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක් සහ ටෙලිනාට්‍ය ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට එන එදා වගේම අදටත් කඩවසම් ඔහු කොයි කවුරුත් දන්නා චන්න පෙරේරා’චන්න ගැන කතා කරද්දී අමතක කරන්න බැරි ඊළඟ චරිතය තමයි ගයත්‍රි කියන්නේ.

 

චන්නයි ගයත්‍රි එක්තරා ටෙලි නිර්මාණයකින් හම්බවෙලා ආදරවන්තයින් වෙලා අවුරුද්දක් වගේ ඉතාමත් කෙටි කාලයකින් විවාහ වෙනවා. 

 

මේ විවාහයෙන් ආදරණීය දියණියන් දෙදෙනෙක් ලැබුණට පස්සේ මේ දෙන්නා තුළ ඇති වෙන්නා වූ නොගැළපීම් මත මේ දෙන්නම තීරණය කරනවා විවාහයට සමුදෙන්න. 


චන්නට ගයත්‍රිගේ ආදරය දැනෙන්නේ නැතුව ඇති ගයාත්‍රිට චන්නගේ ආදරේ දැනෙන්න නැතුව ඇති. ඒ ගැන චන්න කිව්වේ මේ වගේ කතාවක්


“ගයාත්‍රී හොයාපු ආදරය මගින් ලැබෙන්න නැතුව ඇති. ඒක නිසා වෙන්න ඇති එයාට මාව එපා වෙන්න ඇත්තේ. එතකොට මම හොයපු ආදරය ගයත්‍රි ගෙන් ලැබෙන්න නැතුව ඇති. හැබැයි කාලයත් එක්කම ඔව් මේක තේරුම් ගත්තා පොඩි කාලෙකට හිත් රිදීම් ආවත් දැන් දරුවො දෙන්නා සතුටින් ඉන්නේ.”


ගයත්‍රි සහ දරුවෝ ගැන ඒ විදිහට කියන චන්නට මේ වෙද්දි අලු‍ත් ආදරයක් හිතට දැනිලා කියලත් එක්තරා අවස්ථාවකදි පුවත්පතකට සඳහන් කරලා තිබ්බා. හැබැයි එ ආදරය නීත්‍යානුකූල බැඳීමකට යට කරන්නැහැ කියලත් චන්න කියනවා. ඒ වගේම දරුවෝ දෙන්නත් ඔහුට නිතරම ඇවිටිලි කරන ඉල්ලීමක් ගැන එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට ඇවිල්ලා ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

 

“මගේ ලොකු දුව මට කියනවා තාත්ති හැමදාම ඔහොම ඉන්න බෑ තාත්ති තව කෙනෙක් බඳින්න කියලා. මගේ අදහසක් නෑ මගේ දුවලා දෙන්නා ට තව දුවලා හෝ දරුවෝ එකතු කරන්න. මගේ ජීවිතයේ ඒ දෙන්නා විතරයි. මගේ දුවලගෙ තාත්තා නළුවෙක් නෙවෙයි ඒ ගොල්ලන්ට ඒ ගොල්ල මගේ රසිකාවියක් නෙවෙයි කොටින්ම”

 

ඔන්න ඔය විදිහට තමයි චන්න තමන්ගෙ පෞද්ගලික ජීවිතය පිළිබඳව අදහස් කීපයක් ප්‍රසිද්ධියේ හුවමාරු කරගෙන තිබුණේ. ඉතින් ඔහු හිතන පතන ආකාරයෙන්ම ඒ ජීවිතය සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

views

419 Views

Comments

arrow-up