“නාටු නාටු මොන පිස්සුවක්ද ඒ” - සයිෆ් අලි කාන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

“නාටු නාටු මොන පිස්සුවක්ද ඒ” - සයිෆ් අලි කාන්

“නාටු නාටු මොන පිස්සුවක්ද ඒ” - සයිෆ් අලි කාන්

පසුගියදා පැවති ඇකඩමි සම්මාන රාත්‍රියේදී ඉන්දියාවට ඔස්කාර් සම්මාන දෙකක් හිමිවීම ගැන රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් සතුටු වන අතර ඒ ගැන සිය මතයද ඉදිරිපත් කර තිබේ.

 

දැනට බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තයිමූර් සහ ජේ සමඟ දකුණු අප්‍රිකාවේ නිවාඩුවක් ගත කරමින් සිටින නළුවා, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ සංගීතය සහ නළුවන් එතරම් ශක්තියකින් වේගවත් ගීතවල නටන ආකාරය ප්‍රශංසා කළේය.

 

සම්මානලාභී Naatu Naatu ගීතය සහ The Elephant Whisperers යන කෙටි වාර්තා චිත්‍රපටය අගය කළේය. ලොව පුරා කතාබහක් ඇති කරමින් සිටින Naatu Naatu හි නර්තන රචනය ගැන සයිෆ් විශේෂයෙන් මෙසේ කීය.

 


 “මොන පිස්සු ස්ටෙප් එකක්ද ඒ.. සින්දුව නර්තනය කරන හැටි පුදුම සහගතයි. දකුණේ අය වැඩ කරන මේ ඇදහිය නොහැකි නැටුම් පියවර මට නං බැහැ වගේ මං එය කරන්න ගියොත් මට හෘදයාබාධයක් ඇති වෙනව සිකුරුයි ‘සයිෆ් කියා තිබේ..



Naatu Naatu නැටුම් අධ්‍යක්ෂණය කර ඇත්තේ හයිද්‍රාබාද්හි නර්තන ශිල්පී ප්‍රේම් රක්ෂිත්ය.

 

 

views

326 Views

Comments

arrow-up