“ෆෝන් එකේ ටෝච් එක ගහන් දුවගෙන ආවේ,ජැක්සන් කියලා දන්නෙ හොස්පිට්ල් යැව්වටත් පස්සෙ” ජැක්සන්ගේ වාහනයේ හැපුණු අලියා පිල්ලියක්ද?

පසුගිය වසරේ දරුණු අනතුරකට ලක්වූ ජැක්සන් ඇන්තනි, මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍යවරුන් ඔහුව සුවපත් කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දරන බවයි. ජැක්සන්ගේ බිරිඳ පසුගිය දිනෙක සඳහන් කර තිබුණේ.
ජැක්සන්ගේ ජීප් රථය වනඅලියෙකුගේ ගැටී තිබූ නමුත්, අදාළ වනඅලියා ගැන විවිධ කතාන්දර ඒ සමයේ පැතිර ගියා. බොහෝ දෙනෙක් මෙය “පිල්ලියක්” බවට ද අර්ථ දැක්වූවා. පසුගිය දිනෙක මෙම අනතුර සිදුවූ තැනට රංගන ශිල්පී සුදත්ත තිලකසිරි පිටත්ව ගොස් තිබුණා.
සුදත්තට මෙම අනතුර ඇසින් දුටු පුද්ගලයෙකු කියූ කතාවයි මේ, “ඔය තුන්වැනි වාහනේ වැදුනේ. වාහනේ ඇතුළේ ජැක්සනුයි එයාගේ මල්ලියි තව කෙනෙකුයි හිටියා. මම කඩේ ඉස්සරහා හිටියේ, අලියා කැබ් එක උඩින් යනවා දැක්කා, එතකොට මම දැක්කා අලියා හැප්පිලා කියලා.
ෆෝන් එකෙ ටෝච් එක ගහගෙන දුවන් ආවේ. තුන් සැරයක් අලියා වැටුණා. මම ජැක්සන් කියලා අඳුනගත්තේ පස්සෙ. පිටිපස්සෙ හිටපු කෙනා මම හිතන්නෙ ඇසිස්ටන් වෙන්න ඕනි, එයා කෑ ගැහුවා. අපිව බේරගන්න කියලා. මට නම් අඳුනගන්න බැරිවුණා.”
386 Views
Comments